Covid 19 වෛරසය ආසාදනය වූ තැනැත්තෙකුට හුස්ම ගැනීම පහසු කෙරෙන යන්ත්‍රයක් (ventilator) ලබාදීම ඔහුගේ මරණය පරාජය කොට ජීවිතය සහතික කිරීමට හේතුවිය හැකිය.
එහෙත් එවැනි යන්ත්‍රයක පිහිට ලබා දුන්නත් ඇතැම් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට නොහැකි අවස්ථාවලට ද මුහුණ දීමට සිදුවෙයි.
ජොනිටා නිට්ලා නම් බ්‍රිතාන්‍ය හෙදියගේ නිල කාර්යයක් වන්නේ එවැනි 'වෙන්ටිලේටර්' යන්ත්‍ර පහසුකම් රෝගියාට පලක් නොවන අවස්ථාවකදී එය අක්‍රිය කිරීමය.
හතළිස් දෙහැවිරිදි,ජොනිටා ලන්ඩන් නගරයේ පිහිටි 'රෝයල් ෆ්‍රී ආරෝග්‍යශාලාවේ' දැඩි සත්කාර ඒකකයේ ප්‍රධාන හෙදියකි. ඇය අධිසත්කාර අංශයේ විශේෂඥ හෙදියක ලෙස වසර දහසයක කාලයක් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ' (NHS) කටයුතු කරන්නීය.
''මේ රැකියාව වේදනාකාරීයි. සිත කම්පාවට පත් කෙරෙන්නක්. සමහර අවස්ථාවල මට හිතිලා තියෙනව මමත් සමහර මරණවලට යම් ආකාරයකින් වගකිව යුතුය කියල'' ජොනිටා සඳහන් කළාය.
කොරෝනාවෛරසය ආසාදිතව රෝගියකුගේ පෙනහැල්ල දුර්වලව අක්‍රිය වෙන අවස්ථාවන්හි සිරුරක ආශ්වාස - ප්රාශ්වාස කාර්යය 'වෙන්ටිලේටර්' යන්ත්‍රයකට පැවරෙයි.
කොරෝනා රෝගියාට වෛරසයට එරෙහිව තවදුරටත් පොර බැදීම සඳහා එමගින් තවත් කාලයක් ලැබෙනු ඇත.එහෙත් ඇතැම් අවස්ථාවන්හි එම කාලය ප්‍රමාණවත් නොවීමට ද ඉඩකඩ පවතී.
සුවයක් නොලබන රෝගියකුට සම්බන්ධ කර තිබෙන 'වෙන්ටිලේටර්' යන්ත්‍රයක් අක්‍රිය කිරීමේ තීන්දුව ගැනීමේ දී වෛද්‍ය කාර්ය මණ්ඩල ඉතා දුෂ්කර මොහොතකට මුහුණ දෙති. එවැනි තීන්දුවක් ගනු ලබන්නේ කරුණු රාශියක් දැඩි සැලකිල්ලට ගනිමිනි. රෝගියාගේ වයස, ඔහු පීඩා විඳින වෙනත් දරුණු සෞඛ්‍ය ප්‍රශ්න, ඔවුන් 'Covid 19' වෛරසයට ප්‍රතිචාර දක්වන ආකාරය සහ වෛරසයෙන් බේරීම අතින් අදාළ රෝගියාට ඇති අවස්ථාලාභය වැනි කරුණු එවැනි අවස්ථාවන්හි සැලකිල්ලට ගනු ලැබේ.
අප්‍රියෙල් මාසයේ දෙවැනි සතියේ එක් උදෑසනක ජොනිටා හෙදිය කැඳවූ අධිසත්කාර ඒකකයේ රෝගීන් ලියාපදිංචි කරන නිලධාරියා, එදින ඇයගේ නිල රාජකාරි පිළිබඳව දැනුවත් කළාය. ඇයට එදින පැවරුණ පළමු නිල කාර්යය වුණේ, Covid-19 වෛරසය ආසාදිතව සිටි වයස අවුරුදු පනස් ගණනක් වූ වෙනත් හෙදියක් සඳහා සැපයෙමින් තිබූ ප්‍රතිකාර නතර කිරීමය.
කොරෝනාවෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධයෙන් අප්‍රියෙල් මස මුලදී බල පැවැත්වුන රෙගුලාසි අනුව පවුලේ සාමාජිකයන්ටවත් මියැදෙමින් සිටින රෝගියකු බැලීමට අවසර නොලැබුණි. ඒ අනුව ජොනිටා හට සිදුවූයේ කොරෝනාවෛරසය ආසාදිතව මරණාසන්නයේ සිටි හෙදිය සම්බන්ධයෙන් ගැනීමට යන ක්‍රියාමාර්ගය දුරකතනය ඔස්සේ එම හෙදියගේ දියණියට දැනුම්දීමය.
- බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද නව රෙගුලාසි අනුව කොරෝනාවෛරසය ආසාදිත රෝගියකු මරණාසන්න වූ විට, ඔහුගේ හෝ ඇයගේ පවුලේ කිට්ටුම ඥාතීන්ට ඔවුන්ගෙන් සමුගැනීමට රෝහල් සයනය අසලට යාමට දැන් අවසර ලැබේ.-
BBC

No comments:
Post a Comment