පොලීසියට වෙට්ටු දාපු කාලෙ ඉවරයි ඇඳුමෙම කැමරා - Lanka News Click 24x7
demo-image

පොලීසියට වෙට්ටු දාපු කාලෙ ඉවරයි ඇඳුමෙම කැමරා

Share This
ශ්‍රී ලංකා පොලිසියේ දෛනික රාජකාරී සදහා නවීන තාක්ෂණය භාවිතා කිරීමේ වැඩපිළිවෙළ යටතේ පොලිස් නිලධාරීන්ගේ නිළ ඇදුමේ කොටසක් ලෙස පැළඳ යා හැකි යම් සිදුවීමක් සජීවීව රූගත කරමින් විකාශය කල හැකි body camera ඉදිරියේදී භාවිතයට ගැනීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී ලංකා මොබිටෙල් දුරකථන සමාගමේ තාක්ෂණික හා අනුග්‍රාහක දායකත්වය මත එවැනි body camera ශ්‍රී ලංකා පොලිසිය වෙත පරිත්‍යාග කෙරුනි.

ගැටුම් නිරාකරණය හා කළමනාකරණය , රථවාහන කළමනාකරණය සදහා මූලිකවම මෙම තාක්ෂණය ඉදිරියේදී ශ්‍රී ලංකා පොලිසිය විසින් භාවිතයට ගනු ඇත.

තවද පවතින කොරෝනා රෝග වසංගත තත්ත්වය පාලනය සදහා බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක විවිධ පොලිස් රාජකාරීන්හි නියුතු නිලධාරීන්ගේ භාවිතය සදහා ශ්‍රී ලංකා මොබිටෙල් දුරකථන සමාගමේ අනුග්‍රහයෙන් ආහාර පාන තොගයක්ද පරිත්‍යාග කෙරුනි .
94276738_3209881205730607_1552818187186208768_n


94365350_3209881199063941_2974459706556284928_n

Comment Using!!

No comments:

Post a Comment

Pages