කුසල් ජනිත් පෙරේරාට විශිෂ්ඨයෙකුගෙන් අනාවැකියක් - Lanka News Click 24x7
demo-image

කුසල් ජනිත් පෙරේරාට විශිෂ්ඨයෙකුගෙන් අනාවැකියක්

Share This
දකුණු අප්‍රිකාව සමග ඩර්බන්හිදි පැවති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රි ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යමින් නොදැවි ලකුණු 153ක් රැස් කරනු ලැබු කුසල් ජනිත් පෙරේරා ගේ විශිෂ්ඨ ඉණිම සම්බන්ධයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු බ්‍රයන් ලාරා අදහස් දක්වා තිබෙනවා.
"තරුණ ක්‍රිඩකයෙක් ලෙස පරිනත වීම සදහා අවශ්‍ය කැපවීම, දක්ෂතාවය සහ අධිෂ්ඨානය ඔබ මනාව පෙන්වා තිබෙනවා. ඔබ ක්‍රිඩා කළ සුපිරි ඉණිමට සුභ පතනවා යැයි" ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉණිමකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් (400*) ලබා ගත් බ්‍රයන් ලාරා ට්විටර් පණිවිඩයක් තබමින් කුසල් ජනිත් පෙරේරාට සිය සුබ පැතුම් එක් කර සිටිනවා.
1999 වර්ෂයේදී ඕස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් තරගයකදී ලකුණු 311ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලකින් තරගය ජය ගනු ලැබු අතර එහිදි බ්‍රයන් ලාරා නොදැවි පන්දු 256 කදී ලකුණු 153ක් ලබා ගනු ලැබුවා.
ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයින් කියා සිටියේ කුසල් ජනිත් පෙරේරා දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රිඩා කළ ඉණිම් 1999 වසරේ බ්‍ර්ජ්ටවුන් හිදි බ්‍රයන් ලාරා ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රිඩා කරනු ලැබු ඉණිමට බෙහෙවින්ම සමාන බවයි.
(බ්‍රයන් ලාරා ඕස්ට්‍රේලියාවට එරෙහිව ශතකය රැස් කරනු ලැබු තරගයේ නිළ ලකුණු පුවරුව පහතින්.)

52561379_2552304384798504_333354509449297920_n
 
Untitled

Comment Using!!

No comments:

Post a Comment

Pages