එළවලු, පළතුරු ගොවීන් සහ පාරිභෝගික ජනතාව අතර ක්‍රියාත්මක වන අතරමැදියන්ගේ වෙළඳ මාෆියාව නිසා බොහෝ අවස්ථාවන් හිදී එළවලු ගොවීන් මෙන්ම පාරිභෝගියකින්ද දැඩි සේ අපහසුතාවයට පත්වේ. අස්වනු වැඩි කාල වකවානු වලදී කුණු කොල්ලයට අස්වැන්න විකිණීමට ගොවීන්ට සිදුවන අතර අස්වැනු අවම කාල වලදී පාරිභෝගික ජනතාවට එළවලු සහ පළතුරු සදහා දැරිය නොහැකි මිලක් ගෙවීමට සිදුවේ. නමුත් මෙම අර්බුදය සියුම්ව විශ්ලේශණය කරන විටදී පැහැදිලි වනුයේ ගොවීන් විසින් සිය අස්වැන්න විකුණන මිල සහ පාරිභෝගිකයින් විසින් මිලදී ගන්නා මිල අතර ඇදැහිය නොහැකි මිල පරතරයක් පවතින බවයි. එයට හේතුව වී ඇත්තේ ප්රවාහණය සහ ප්‍රවාහණයේදී සිදුවන අස්වනු හානිය මත අතරමැදියන් විසින් විශාල ලාභ ආන්තිකයක් පවත්වාගෙන යාමයි.
මෙම තත්වය වටහාගනු ලැබූ 100%ක් දේශීය ශ්‍රී ලාංකීක ව්‍යවසායකයෙකු විසින්ගොවීන්ගෙන් මිලදී ගනු ලබන අස්වැන්න නවීන තාක්ෂණය භාවිතා කරමින් අන්තර්ජාල ඇණවුම් ක්‍රමවේදය කරහා පාරිභෝගිකයින්ගේ නිවසටම ගෙන ගොස් දීමේ ඉතා සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. එය Lanka Agri Produce Management Corporation (LAPMC) සමාගමයි. එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක වරයා වන කාවින්ද දිසානායක මහතා
විශේෂ සාකච්ජාවකට සහභාගී විය.“යම්කිසි අවස්ථාවක මට රජයේ තනතුරක් දරන්න අවස්ථාව ලැබුනා. එහිදී අපි යම් ප්‍රශ්ණයක් හදුනා ගත්තා. ඒ තමයි ගොවියාට නිසි මිලක් නොලැබෙන එක. අනික් දේ පාරිභෝගියකයා වැඩි මිලක් ගෙවලා මිලදී ගන්න එක. එසේ මිල ගෙව්වත් ගුණාත්මකභාවයෙන් යුතු නිශ්පාදන මිලදී ගන්න බැරිවෙන එක. මේ සම්බන්ධයෙන් අපි අවුරුදු දෙකක් දෙකහමාරක් පර්යේෂණ කරලා බැලුවහම අපි දැක්කා එළවලු සහ පළතුරු මිලදී ගැනීම සහ පාරිභෝගිකයාට අලෙවි කිරීම ව්‍යුහගත කිරීම හරහා මේ ප්‍රශ්ණය විසදිය හැකියි” යනුවෙන් කාවින්ද දිසානායක මහතා එහිදී ප්‍රකාශ කලා.
මේ වනවිට LAPMC සමාගම ලංකා සතොස වෙත එළවලු සහ පළතුරු සැපයුම්කරුවා වශයෙන් කටයුතු කරන අතර පසුගිය ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එළවලු සහ පළතුරු අවශ්‍යතාවය සැපයුම්කරු වශයෙන්ද ක්‍රියා කරයි.
ඌබර් සහ පික් මී මෙන්ම ඔවුන්ගේම බෙදාහැරීමේ ජාලයක් හරහා කොළඹ දිස්ත්‍රික්කය පුරා එළවලු බෙදාහැරිමේ යෙදෙන LAPMC සමාගම නුදුරේදීම ගම්පහ දිස්ත්‍රික්කයේද සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
No comments:
Post a Comment