රැකියාවට යන්න බස් රියක් වෙන්කර ගන්න දැනුම් දෙන්නේ මෙහෙමයි - Lanka News Click 24x7
demo-image

රැකියාවට යන්න බස් රියක් වෙන්කර ගන්න දැනුම් දෙන්නේ මෙහෙමයි

Share This
ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ සහ පෞද්ගලික අංශයේ රාජකාරීවලට වාර්තා කිරීමට නියමිත සේවක සේවිකාවන් හට විධිමත් ක්‍රමවේදයක් හරහා ප්‍රවාහන පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර ඇත.
සේවා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතනයන් එම ආයතනයන්හි නම්එක් එක් මාර්ගයේ ගමන් කිරීමට බලාපොරොත්තු වන සේවක සංඛ්‍යාව සහ ආයතනයේ සම්බන්ධීකරණ නිලධාරියාගේ තොරතුරු ඇතුළත් කර ඊමේල් පණිවිඩයක් ලබාදීම මගින් සේවාව ලබාගැනීම සඳහා ලියාපදිංචි විය හැකියි.
ඒ අනුව dgmoperation@sltb.lk වෙත එළැඹෙන 28 වන දිනට අදාල තොරතුරු ඇතුළත් ඊමේල් පණිවිඩයක් ලබාදෙන මෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඉල්ලීමක් කරයි.
www.reporter.lk
Comment Using!!

No comments:

Post a Comment

Pages