CEB ගාස්තු වැඩිකර ඉල්ලන්නේ අස්වන සේවකයන්ට ගෙවන්නලු - Lanka News Click 24x7

CEB ගාස්තු වැඩිකර ඉල්ලන්නේ අස්වන සේවකයන්ට ගෙවන්නලු

Share This
ceb-restructure-employee-retirement

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස සේවකයින් 2,158 දෙනෙකු ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම සඳහා වැයවන රුපියල් බිලියන 11.554 ක මුදල පියවා ගැනීමට 2026 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා විදුලි ගාස්තු ඉහළ දැමීමට යෝජනා කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ. මෙම විශ්‍රාම වන්දි පැකේජය වසර 5 කින් ගෙවා නිම කරන ණය මුදලක් ලෙස පරිවර්තනය කර ඇති අතර, ඊට අදාළව මාර්තු දක්වා ගෙවිය යුතු වාරිකය වන රුපියල් මිලියන 874.23 ක මුදල පාරිභෝගික විදුලි ගාස්තු හරහා අය කර ගැනීමට විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages