දේශපාලනඥයකුගේ බෑණා කෙනෙකුට කොළඹ ප්‍රදේශයට වැලි ගෙන ඒම සඳහා විශේෂ දුම්රියක් යොදවා ඇතැයි අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
මෙම පුද්ගලයා වැලි කැපීමේ බලපත්‍ර ඉල්ලා අයදුම්පත් 67ක් ඉදිරිපත් කළ අයෙකු යයිද එම වාර්තාවේ දැක්වේ.
පොළොන්නරුවේ සිට කොළඹට එම දුමරිය මගින් වැලි ගෙන ඒමට බෑනා කටයුතු කරමින් සිටින බව ද දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග උපුටා එම වාර්තාව සඳහන් කරයි.
එම දුම්රිය යොදවා ඇත්තේ පුද්ගලික අවශ්‍යතාවයක් සඳහා බැවින් එය වහා අවලංගු කරන්නැයි ඉල්ලමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති රැසක් බලධාරීන්ට ලිපි යවා ඇතැයි ද සඳහන්ය.
-lankacnews.

No comments:
Post a Comment