දුෂ්කර පාසැල්වල ගුරු හිගයට හමුදා නිලධාරීන් යොදවයි. - Lanka News Click 24x7

දුෂ්කර පාසැල්වල ගුරු හිගයට හමුදා නිලධාරීන් යොදවයි.

Share This

 කැබිතිගොල්ලෑව සහ වව්නියාව ප්‍රදේශවල පිහිටි දුෂ්කර පාසල් වල ගුරු හිඟයට පිළියමක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් ගුරුවරැන් ලෙස යෙදවීමට රජය තීරණය කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

ඒ අනුව එම ප්‍රදේශය වල පාසල්වල ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ විෂයන් වල ඉගැන්වීමට ගුවන් හමුදා නිලධාරීන් යෙදවීමට සූදානම් වෙමින් ඇතැයිද ඔවුන් සදහන් කරයි.

නමුත් මෙම තීරණයට සම්පූර්ණ විරෝධය පළ කරන බව සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

විද්‍යාපීඨ 19කින් පිටවූ පුහුණු ගුරුවරුන් විශාල පිරිසක් මේ වන විට පත්වීම් ලබාදීම ප‍්‍රමාද කර ඇති බවත් ආණ්ඩුව කළ යුත්තේ ඉක්මනින් ඔවුන්ට පත්වීම් ලබා දී ඔවුන් දුෂ්කර පාසල් වලට අනුයුක්ත කිරීම බවත් ඒ මහතා සඳහන් කළේය.

දුෂ්කර පාසල්වලට ගුවන් හමුදා නිලධාරීන් යෙදවීමට තීන්දුවක් ගෙන ඇත්තේ ජනාධිපතිවරයා විසින් ගම සමග පිළිසදරක් වැඩසටහනට සහභාගී වූ අවස්ථාවක දී බව ද ස්ටාලින් මහතා තවදුරටත් පැවසීය.

උපුටාගැනිම - Lankacybernews.

No comments:

Post a Comment

Pages