අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
එය ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනුකර ඇත්තේ නීතිඥ ඉන්දික ගාල්ලගේ විසිනි.
නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවකු ලෙස නම් කර ඇති අතර මෙමගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙත්සම්කරු පෙන්වා දෙයි.
මෙම පෙත්සම හේතුවෙන් තවත් අමතර සති තුනක කාලයක් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කිරීම ප්‍රමාද වීමට නියමිතය.
-lankacnews

No comments:
Post a Comment