බිරිඳ නිවසේ නොමැති අතරේ සිය දියණියට පෙති කිහිපයක් බලහත්කාරයෙන් පෙවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඇයගේ පියා ඊයේ (21 දා) අලූයම අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.
තරුණ බිරිඳක් සිය සැමියා මත්කුඩු පානයට තදින් ඇබ්බැහිවී ඇති බැවින් 12 හැවිරිදි දියණියද නිවසේ හැරදමා දින 2 කට ප‍්‍රථම නිවසින් පිටව අසල නිවසක පදිංචිව සිට ඇත.
සැකකාර පියා පෙරේදා 20 දා රාති‍්‍ර මිතුරන් සමග සිය නිවසේ මත්ද්‍රව්‍ය පානය කිරීමට සුදානම් වී දියණියට බලහත්කාරයෙන් පෙති වර්ගයක් පොවා ඇති බවත් එයින් ඇතිවූ ආසාත්මිකතා මත දැරිය රෝහල් ගතකළ බවටත් මව පැමිණිලි කර තිබේ.
ඒ අනුව කි‍්‍රයාත්මක වූ පොලිස් කණ්ඩායම ඊයේ (21 දා) අලූයම හෙරොයින් මත්කුඩු පැකට්ටුවක් සමගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර දැරියට පෙතිදී යම් අපරාධයක් සිදුකළේද යන්න සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන බව පොලිස් නිලධාරියකු පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ පානදුර, මෝදරවිල නිවාස සංකීර්ණයක පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ සහ පොලිස් අධිකාරි උදය අමරතුංග, ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අයි. එන්. එස්. කස්තුරිආරච්චි යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කොට්ඨාස දූෂණ මර්දන අංශ වැඩබලන
ස්ථානාධිපති සැරයන් ජයසිංහ, කොස්තාපල්වරුන් වන (86282) සම්පත්, (94075) පැතු, (94074) රත්නායක, (94462) ඥානතිලක සහ (16888) කණිෂ්ක යන නිලධාරීහු වැටලීමට එක්වුහ. පානදුර රෝහල් පොලිසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ආර්. ගුණසේන සැරයන්වරුන් වන ධර්මරත්න (55323) යන නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.
ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක - බණ්ඩාරගම
Divaina

No comments:
Post a Comment