කොරෝනා ආසාදිතන් කුරුණෑගල පුරා ඇවිදලා,ආශ‍්‍රිතයන් සෙවීම ඉතා අසීරුයි. - සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කියයි. - Lanka News Click 24x7

කොරෝනා ආසාදිතන් කුරුණෑගල පුරා ඇවිදලා,ආශ‍්‍රිතයන් සෙවීම ඉතා අසීරුයි. - සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කියයි.

Share This
කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැනට හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන් සමග සමීපව ඇසුරු කළ බවට අනාවරණය කරගත් පුද්ගලයන් 326 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය .

අලව්ව , පොල්ගහවෙල , මඩහපොල , නිකවැරටිය , කොටවෙහෙර , දුම්මලසූරිය , උඩුබද්දාව , මාවතගම , ගල්ගමුව , කුලියාපිටිය , මහව , වාරියපොළ බණ්ඩාර කොස්වත්ත ආදි ප්‍රදේශවලින් හඳුනාගෙන සිටින එම ආසාදිතයන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව වෛද්‍ය ෆරීඩ් මහතා සඳහන් කළේය.

මෙම ආසාදිතයන් පිරිස කුරුණෑගල දිස්ත්‍රික්කය පුරාම විසිරී සිටින බවද ඔවුන් හා සබඳතා පවත්වා ඇති පිරිස් අනාවරණය කර ගැනී ම ඉතා අසීරු කරුණක් වී ඇතැයිද ඒ මහතා පැවසීය.

ඊයේ (26) රාත්‍රිය වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 13 කි . මොවුන්ගෙන් පුද්ගලයන් 9 දෙනෙකුම ආරක්ෂක අංශ සාමාජිකයින් වේ .

– ADA

No comments:

Post a Comment

Pages