ඇඳිරිනීතිය සමිපුර්ණයෙන්ම ඉවත්කරන්නේ එක දිගට දින 28ක් ආසාදිතයකු වාර්තා නොවුනොත් පමනයි. - Lanka News Click 24x7

ඇඳිරිනීතිය සමිපුර්ණයෙන්ම ඉවත්කරන්නේ එක දිගට දින 28ක් ආසාදිතයකු වාර්තා නොවුනොත් පමනයි.

Share This
රටේම ඇඳිරි නීතිය ඉවත් කර මුළු රටම සාමාන්‍ය අතට පත්කිරීමට නම් එකදිගට දින 28ක කාලසීමාවක් තුළ කොරෝනා ආසාදිතයකු හමුනොවිය යුතු බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා දිවයිනට ඊයේ පැවැසීය.

කොරෝනා වෛරසය මර්දන ක‍්‍රියාවේ නිරත වී සිටින සෞඛ්‍ය බලධාරීන් එ් බව තහවුරු කළ බව ද අජිත් රෝහණ මහතා පවසයි.

රට සාමාන්‍ය අතට පත්වන තුරු අනවශ්‍ය ගමන්බිමන්වලින් බැහැර වී නිවෙස්වලම රැඳී සිට කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වළක්වා ගැනීමට සහය වන ලෙසට ද අජිත් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම සෞඛ්‍ය බලධාරීන් සහ ආරක්‍ෂක නිලධාරීන් කරන දැනුවත්කිරීම්වලට අනුව සෞඛ්‍ය පුරුදු අනුගමනය කර මෙම වෛරසය ව්‍යාප්තවිම වළක්වාගැනීමට කටයුතු කරන ලෙස ද එ් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

හේමන්ත රන්දුණු
 Divaina

No comments:

Post a Comment

Pages