වෙනත් වලියකින් ගුටිකෑ පුද්ගලයෙකු පෙන්නා 'දේශපාලන Fake වාසි' ගන්න හැදූ තිත්තගල්ලේ හිමි (video) - Lanka News Click 24x7

වෙනත් වලියකින් ගුටිකෑ පුද්ගලයෙකු පෙන්නා 'දේශපාලන Fake වාසි' ගන්න හැදූ තිත්තගල්ලේ හිමි (video)

Share This
signs-of-a-breach-of-trust-for-thittagalle-thero-who-used-a-beaten-person-as-a-reference-to-another-dispute-to-gain-political-advantage

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහනුවර සිට කොළඹ දක්වා පැවැත්වෙන පාගමනට සහය දැක්වූ පුද්ගලයෙකුට පහර දී ඇති බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වූ වීඩියෝව සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බව ශ්‍රී ලංකා පොලීසිය අනාවරණය කර තිබෙනවා. පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ මෙම වීඩියෝවෙන් දැක්වුණේ තම ආධාරකරුවෙකුට කිසියම් පිරිසක් විසින් හෙල්මටයකින් පහර දී ඇති බවයි.

රූපවාහිනී නාලිකා අමතමින් එම පුද්ගලයා පෙන්වමින් තිත්තගල්ලේ හිමි මෙසේ කියා තිබුණි.




"මේ බලන්න මාලිමාවේ සහාසික බව. මේ අපිට උදව් කරන අයියා කෙනෙක්ට බිහිසුණු විදිහට කුඩු කරලා helmet එකෙන් ගහලා ගියේ. ... bike එකේ number එක ජනාධිපතිතුමනි... මෛත්‍රියෙන්, කරුණාවෙන්, දයාවෙන්, අනුකම්පාවෙන් පයින් ගිහිල්ලා... ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරලනේ. බලන්න පැනවත්වේ සහාසිකයන්ගේ හැටි. මේ අයියා බලන්න ලේ ටික. දැන් මේ අ... කලුපාට වාහනේ... මෙන්න මේ වාහනේ එනකොට ඔයාට මොකක්ද කරේ අයියේ?

පාර හරස් කරන්න ඇවිත් තමා ගැහුවේ මූණින් යනකොට.


ආ... පාර හරස් කරලා ගැහුවේ. දැන් ජනාධිපතිතුමනි, ඕක තමයි JVP කාලේ කරේ. ආයෙත් ඒ නරුම වැඩ ටික කරලා බය කරන්නද හදන්නේ? මේ අයියා... අයියේ... මල්ලි වාහනයක් ගේන්න බෙහෙත් ටිකක් ගාන්න. ලේ... ලේ යන්න දෙන්න බෑනේ.

119 දැන් ගෙන්නනවා. මේ වගේ කරන්න එපා. මේ වගේ මිනිස්සුන්ට කරන්න එපා මොනවාහරි තියෙනවා නම්. දැන් ඔයාලත් අවුරුදු තිහකින් සමාව දීපු හින්දා තමයි මිනිස්සු ඡන්දය නෙවෙයි සමාව දුන්නේ. මේකෙන් බලයට ආපු ගමන්... දැන් මේක ජනාධිපතිතුමා වහාම බලන්න ඕනේ මේ... මේ අයියට මොකක්ද වුණේ කියලා. ඔයාට පිටිපස්සෙන් පටස් ගාලා helmet එකෙන් ගැහුවේ.



මේ සම්පූර්ණ ලේ. මේ කඩාගෙන... මේ බලන්න මේ සුක්කානම් වල... හරිද? පොලිස්... මේ... පොලිස්පතිතුමා, පොලිස්පතිතුමා, මොකක්ද මේ කරන්නේ? පොලිසියේ ආරක්ෂාව දාලා තියෙද්දිත් ඇවිල්ලා ගහලා යන්නේ. මේ පොලිසියේ ආරක්ෂාව තියෙද්දි මෙහෙම ගහන්න බෑනේ මිනිස්සුන්ට. ටක් ගාලා ගෙන්නන්න. මේ අයියට තියන්නකෝ. ඕක තමයි, නරුමයෝ ඔහොම තමයි. සම්පූර්ණයෙන්ම නරුමයෝ ඔහොම තමයි."






නමුත් වීරගුල පොලීසිය විසින් සිදු කළ මූලික විමර්ශනවලදී මේ පිටුපස ඇති සැබෑ කතාව හෙළි වී තිබෙනවා. පොලීසිය පවසන පරිදි මෙම සිදුවීම ඊයේ (14) යක්කල, වීදියවත්ත දේවාලය ඉදිරිපිටදී සිදුවූවක්. පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා ලොරි රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සහ යතුරුපැදිකරුවෙකු අතර රථවාහන තදබදයක් මුල් කරගනිමින් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන තිබෙනවා. එහිදී යතුරුපැදිකරු විසින් ලොරි රථයේ සිටි පුද්ගලයාට හෙල්මටයකින් පහර දී ඇති බවයි තහවුරු වී ඇත්තේ.

මෙම පහරකෑමෙන් තුවාල ලබා වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන ලොරි රථයේ ගමන් කළ පුද්ගලයාගෙන් පොලීසිය ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. එහිදී ඔහු පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ තමන් අදාළ පාගමනට කිසිදු සම්බන්ධයක් ඇති අයෙකු නොවන බවත්, මෙය හුදෙක් රථවාහන ආරවුලක් මත යතුරුපැදිකරු විසින් කළ පහරදීමක් බවත්ය. ගැටුමට සම්බන්ධ අනෙක් පාර්ශ්වය වන යතුරුපැදිකරු ද මේ වන විට තුවාල ලබා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වෙනවා.

ඒ අනුව, මහමග වූ පෞද්ගලික රථවාහන ආරවුලක් සහ පුද්ගලයෙකුගේ තුවාල ප්‍රයෝජනයට ගනිමින්, එය තම ආධාරකරුවෙකුට කළ පහරදීමක් ලෙස හුවා දක්වා සමාජ මාධ්‍ය හරහා මහජන නොසන්සුන්තාවක් ඇති කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානය යොමු වී තිබෙනවා. වීරගුල පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර දැඩි නීතිමය පියවර ගන්නා බව අවධාරණය කරනවා. මහජන කැළඹීමක් ඇතිවන පරිදි මෙවැනි අසත්‍ය සහ තහවුරු නොකළ තොරතුරු සමාජගත කරන වීඩියෝ පට සම්බන්ධයෙන් ඉතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

gossiplanka image

No comments:

Post a Comment

Pages