අහුන්ගල්ලේ වෙඩි තැබීමකින් 74 හැවිරිදි පුද්ගලයෙකුට තුවාල - Lanka News Click 24x7

අහුන්ගල්ලේ වෙඩි තැබීමකින් 74 හැවිරිදි පුද්ගලයෙකුට තුවාල

Share This
74-year-old-man-injured-in-shooting-in-ahungalla

අහුන්ගල්ල, ගල්වෙහෙර ප්‍රදේශයේ අද (04) අලුයම ක්‍රියාත්මක වූ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. අහුන්ගල්ල පොලීසිය සඳහන් කළේ, ගල්වෙහෙර ප්‍රදේශයේ සී.පී.

ද සිල්වා මාවතේ පදිංචිව සිටි 74 හැවිරිදි දඩල්ල ලණු මෝදරගේ නන්දසේන නැමැති අයෙකු මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවයි.




මෙම වෙඩි තැබීම අලුයම 1.55 ත් 2.00 ත් අතර කාල සීමාව තුළ සිදුවන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරයි. අදාළ නිවසේ ජනේලයකින් ඇතුළට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ගෙහිමියා මෙලෙස තුවාල ලබා ඇති අතර, ඒ සඳහා මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් භාවිත කර ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙය දින හතරක් වැනි කෙටි කාලයක් තුළ අහුන්ගල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ දෙවන වෙඩි තැබීමේ සිද්ධිය වීම ද විශේෂත්වයකි. පසුගිය ඔක්තෝබර් මස 01 වනදා රාත්‍රියේ ද අහුන්ගල්ල වැලිකන්ද ප්‍රදේශයේ නිවසකට පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් පිස්තෝලයකින් කළ වෙඩි තැබීමකින් 'අහුන්ගල්ලේ පොඩි පැටී' නමැති පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.




අද අලුයම සිදු වූ මෙම වෙඩි තැබීමද මීට දින කිහිපයකට පෙර සිදු වූ පොඩි පැටී ඝාතන සිද්ධියේම දිගුවක් හෝ ඊට එරෙහිව සිදු කළ එකට එක කිරීමක් විය හැකි බවට පොලීසිය දැඩි ලෙස සැක පළ කරයි. කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීම් දෙකටම සම්බන්ධ සැකකරුවන් කිසිවෙකුත් මේ වන තෙක් හඳුනාගෙන නොමැති අතර, අදාළ තුවක්කුකරුවන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අහුන්ගල්ල පොලීසිය විසින් මේ වන විටත් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

74-year-old-man-injured-in-shooting-in-ahungalla

74-year-old-man-injured-in-shooting-in-ahungalla

No comments:

Post a Comment

Pages