යාපනය, නල්ලූර් ප්‍රදේශයේ කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරව ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රධාන සන්නද්ධ සාමාජිකයෙකු වන තිලීපන්ගේ පිළිරුව අද (27) උදෑසන පොලිසිය විසින් අදාළ ස්ථානයෙන් ඉවත් කර තිබේ.
පූර්ව දැනුම්දීමකින් තොරව පැමිණි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් නල්ලූර් නගර සභාවට අයත් ඉඩමක පිහිටි මෙම ස්මාරකය ගලවාගෙන ගොස් ඇති අතර, තිලීපන් සැමරුමේ අවසන් දිනය ඊයේ (26) දිනෙන් අවසන් වී තිබිණි.ශ්‍රී ලංකාවේ තහනම් කරන ලද ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. හි යාපනය දේශපාලන අංශ නායකයා ලෙස කටයුතු කර පසුව මියගිය තිලීපන් අනුස්මරණය කරමින් මෙම ප්‍රතිමාව පිරිසක් විසින් මෑතකදී ඉදිකර තිබිණි. 'බිඳුනු තල්රුක' (The Broken Palmyra) නමැති කෘතියට අනුව, 1987 ජූලි 02 වැනිදා යාපනයේ උරුම්පිරායි ප්‍රදේශයේදී දෙමළ තරුණයන් ඝාතනය කොට විදුලි කණුවල ගැටගැසීමේ සිදුවීමට මොහු පෞද්ගලිකවම සම්බන්ධ වී තිබේ.
මේ අතර, පසුගියදා නල්ලූර් අනුස්මරණ භූමියේ පැවැති ‘තියාගම් ත්‍යාගී’ තිලීපන් අනුස්මරණ වැඩසටහන අතරතුරදී ද පොලිසිය සහ සංවිධායකයින් අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබිණි. අදාළ අනුස්මරණ උත්සවය සඳහා නිල අවසර ලබාගෙන තිබියදීත්, පොලිස් නිලධාරීන් පැමිණ එහි තිබූ සියලුම ශබ්ද විකාශන උපකරණ අත්අඩංගුවට ගැනීම මෙම උණුසුම් තත්ත්වයට හේතු වී ඇත.
විශාල ප්‍රමාණයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සඳහා විශේෂ පොලිස් අවසරයක් අවශ්‍ය වුවද, තමන් අනුස්මරණ ගීත වාදනය කිරීම සඳහා භාවිත කළේ ඉතා අඩු ශබ්දයකින් යුතු කුඩා ශබ්ද විකාශන යන්ත්‍ර පමණක් බව සංවිධායකයෝ සඳහන් කරති. එම නිසා එවැනි පසුබිමක පොලිසිය විසින් එම කුඩා උපකරණ පවා අත්අඩංගුවට ගැනීම අනීතික ක්‍රියාවක් බවට සංවිධායකයින් සහ ඊට එක්වූ පිරිස් චෝදනා කරති.
No comments:
Post a Comment