සොරකමක් නිසා හෙට්ටිවීදියේ කලබලයක් - Lanka News Click 24x7

සොරකමක් නිසා හෙට්ටිවීදියේ කලබලයක්

Share This
a-robbery-causes-chaos-on-hetti-street

සොරකම් කරන ලද ස්වර්ණාභරණ මිලදී ගැනීමේ සිද්ධියකට අදාළව සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී කොළඹ හෙට්ටිවීදියේදී ඊයේ(24) මාලිගාවත්ත පොලිසිය සහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් අතර නොසන්සුන් තත්ත්වයක් හටගත්තේය. පසුව උසස් පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ මැදිහත් වීමත් සමඟ ඇති වූ උණුසුම්කාරී වාතාවරණය සමතයකට පත් කිරීමට හැකිව තිබේ.




සිද්ධියට මුල් වී ඇත්තේ යම් පුද්ගලයකු විසින් සොරකම් කරන ලද රන් ආභරණ තොගයක් හෙට්ටිවීදියේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලකට විකිණීමයි. ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කරමින් පරීක්ෂණ පැවැත්වූ මාලිගාවත්ත පොලිසිය මුලින්ම අදාළ සොරකම සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පසුව එම සැකකරු ද සමඟ රන් භාණ්ඩ අලෙවිසැල වෙත පැමිණි පොලිස් නිලධාරීන්, අදාළ සොරාගත් භාණ්ඩ මිලදී ගත් සේවකයා වෙනත් වෙළෙඳසැලක සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී තම සේවකයා අත්අඩංගුවට ගෙන රැගෙන යාමට එරෙහිව අලෙවිසැල් හිමිකරු විරෝධය පළකර ඇති අතර, ඒ සමඟම අවට පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැල්වල හිමිකරුවන් සහ සේවකයන් ද එම ස්ථානයට රැස්වී තිබේ. පැන නැගුණු මෙම උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා උසස් පොලිස් නිලධාරීන් කැඳවීමට පියවර ගත් අතර, ඉදිරියේදී නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරන බවට දුන් පොරොන්දුව මත රැස්ව සිටි ව්‍යාපාරික පිරිස විසිර ගොස් ඇත.

a-robbery-causes-chaos-on-hetti-street

a-robbery-causes-chaos-on-hetti-street

a-robbery-causes-chaos-on-hetti-street

a-robbery-causes-chaos-on-hetti-street

No comments:

Post a Comment

Pages