ජන සෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් එල්ල වූ මැර ප්‍රහාරයකින් තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ උන්වහන්සේ මේ වන විට එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බවයි.
අදාළ ප්‍රහාරය එල්ල වී ඇත්තේ ආදාහන පූජෝත්සවයක සංවිධාන කටයුතු මුලික කරගනිමින් විහාරස්ථානය තුළ පැවැති සාකච්ඡාවක් අතරතුරදී බව වාර්තා වේ. මෙම සිදුවීමත් සමඟ ප්‍රහාරය එල්ල කළ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකරු වහා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම්වල යොදවා ඇති බව වීරගුල පොලීසිය ප්‍රකාශ කරයි. ප්‍රහාරයට මුල් වූ නිශ්චිත හේතුව තවමත් තහවුරු වී නොමැති අතර, වීරගුල පොලීසිය මඟින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

No comments:
Post a Comment