
ඉදිරි ත්‍රෛමාසිකය සඳහා විදුලි ගාස්තු සංශෝධනය කරමින් මිල ඉහළ නැංවීමට කිසිදු පියවරක් නොගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි. අද (11) පාර්ලිමේන්තු සභාවාරයේදී විශේෂ අදහස් දැක්වීමක් සිදු කරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, එළඹෙන කාර්තුව තුළ විදුලි බිල ඉහළ දැමීම සඳහා වන කිසිදු ඉල්ලීමක් සිදු කිරීමට බලශක්ති අමාත්‍යාංශය බලාපොරොත්තු නොවන බවයි.
පසුගිය කාලසීමාව තුළ දිවයිනට ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් විදුලි ජනනය සඳහා වැය වන සමස්ත පිරිවැය යම් තාක් දුරකට පාලනය කර ගැනීමට හැකියාව ලැබුණු බව අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. අපේක්ෂිත ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබීම නිසා පිරිවැය කළමනාකරණය කර ගැනීමට හැකි වූ බැවින්, ඉදිරි කාල සීමාවේදී විදුලි ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් මතු නොවූ බවද හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම එළඹෙන නව වසරේ මුල් මාස 3 තුළ රට තුළ අඛණ්ඩව විදුලිය සැපයීම තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලුම විධිමත් පියවර මේ වන විටත් බලශක්ති අමාත්‍යාංශය විසින් ගෙන ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් තහවුරු කළේය.
No comments:
Post a Comment