උසස් පෙළ Physics පේපර් එකේ ප්‍රශ්න 04 ක දෝෂ ගැන පැමිණිලි - Lanka News Click 24x7

උසස් පෙළ Physics පේපර් එකේ ප්‍රශ්න 04 ක දෝෂ ගැන පැමිණිලි

Share This
complaints-about-errors-in-04-questions-in-a-level-physics-paper

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යාව බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න හතරක් දෝෂ සහිත බව පවසමින්, ඉන් අසාධාරණයට ලක්වූ සිසුන්ට සාධාරණය ඉටු කරදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. කොළඹ ප්‍රධාන පෙළේ පාසලක භෞතික විද්‍යා ආචාර්යවරයෙකු විසින් මෙම පැමිණිල්ල යොමු කර ඇත.




අදාළ ප්‍රශ්න පත්‍රයේ අංක 17, 18, 19 සහ 46 යන ප්‍රශ්නවල නිවැරදි පිළිතුරක් ලබාදීමට නොහැකි වන පරිදි දෝෂ පවතින බව අදාළ ගුරුවරයා පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇති අතර, එහිදී අංක 46 ප්‍රශ්නය සඳහා පමණක් ලකුණක් ලබාදීමට එම දෙපාර්තමේන්තුව එකඟතාව පළ කර ඇති බව ද ඔහු සඳහන් කරයි.

එලෙස එක් ප්‍රශ්නයකට පමණක් ලකුණු ලබාදීමට තීරණය කිරීම මගින් විභාගයට පෙනී සිටි සිසුන්ට දැඩි අගතියක් සිදු වන බව පෙන්වා දෙන ඒ මහතා, දෝෂ සහිත ප්‍රශ්න හතර සඳහාම ලකුණු 04 ම ලබා දිය යුතු බව අවධාරණය කරයි. එම නිසා මෙම ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු කර, ප්‍රශ්න හතරටම ලකුණු ලබා දීමට කටයුතු කරන ලෙස වගකිවයුතු බලධාරීන් දැනුවත් කරන මෙන් ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.




මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව තවම අදහස් දක්වා නොමැත.

No comments:

Post a Comment

Pages