චාමික කරුණාරත්නගේ රුධිර සාම්පලයෙන් DNA Test එපා ! විනිසුරු කියයි - Lanka News Click 24x7

චාමික කරුණාරත්නගේ රුධිර සාම්පලයෙන් DNA Test එපා ! විනිසුරු කියයි

Share This
chamika-karunaratnes-blood-sample-no-dna-test-the-judge-says

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චමික කරුණාරත්නගෙන් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පලයක් ලබාදෙන ලෙස කෙරුණු ඉල්ලීම කොළඹ දිස්ත්‍රික් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පීතෘත්වය සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වයක් පදනම් කරගනිමින් ගුවන් නියමුවරියක වන රසිකා සෙව්වන්දි නමැත්තිය විසින් පවරා ඇති නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය මෙම තීන්දුව ලබාදී ඇත.




අදාළ පැමිණිලිකාරිනිය විසින් මෙම නඩුව ගොනු කර ඇත්තේ, තමන්ගේ දරුවාගේ පියා ලෙස චමික කරුණාරත්නගේ නම ඇතුළත් කරමින් උප්පැන්න සහතිකයක් නිකුත් කරන ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත නියෝගයක් ලබාගැනීමේ අරමුණිනි.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ දිස්ත්‍රික් විනිසුරු ලලිත් කන්නංගර මහතා සඳහන් කළේ, අදාළ ක්‍රීඩකයාගෙන් ඩී.එන්.ඒ. විශ්ලේෂණයකට රුධිර සාම්පලයක් ලබාගැනීමට තරම් ප්‍රමාණවත් හා සාධාරණ පදනමක් ඉදිරිපත් කිරීමට පැමිණිලි පාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි. ඒ අනුව, එම ඉල්ලීම සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභ කිරීමට අධිකරණය පියවර ගත්තේය.




මෙම අවස්ථාවේදී ඩී.එන්.ඒ. පරීක්ෂණය සඳහා වූ ඉල්ලීම ප්‍රතික්ෂේප වුවද, නඩුවේ ඉදිරි කටයුතු සඳහා ලබන ඔක්තෝබර් 9 වනදා නැවත නඩුව කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ. නඩු වාරය සඳහා රසිකා සෙව්වන්දි වෙනුවෙන් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පෙනී සිටි අතර, රම්සි බාචා ඇසෝෂියේට්ස් ආයතනයේ උපදෙස් පරිදි චමික කරුණාරත්න වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක සහ නිර්මලා ගුණතිලක යන මහත්ම මහත්මීන් පෙනී සිටියහ.

No comments:

Post a Comment

Pages