රත්මලාන ශ්‍රී ඥානේන්ද්‍ර මාවතේ පිහිටි නිවසක් ඉලක්ක කරගනිමින් අද (05) අලුයම 06.00 ට පමණ අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. අදාළ නිවස දෙසට අත්බෝම්බ දෙකක් එල්ල කර ඇති අතර, ඉන් එක් බෝම්බයක් පමණක් පිපිරී ගොස් ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී නිවැසියන් නිවස තුළ සිට පසුවී ඇති නමුදු, පිපිරීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල හෝ ජීවිත හානියක් සිදුව නොමැති බව පොලීසිය තහවුරු කරයි.
අත්බෝම්බ එල්ල කළ බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු සිද්ධිය වූ ස්ථානයෙන් පලා යන අයුරු ආසන්නයේ තිබූ CCTV කැමරාවක ද සටහන් වී ඇත.
මෙම ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ප්‍රදේශයේ පොලිස් කණ්ඩායම්වලට අමතරව විශේෂ පොලිස් කණ්ඩායමක් ද යොදවා වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
No comments:
Post a Comment