රාගම අනතුරකින් දැරියක මරුට - Lanka News Click 24x7

රාගම අනතුරකින් දැරියක මරුට

Share This
girl-dies-in-ragama-accident

රාගම - වල්පොල මාර්ගයේ වල්පොල දුම්රිය ස්ථානය ආසන්නයේදී ලොරි රථයක් පාලනය කරගත නොහැකිව සිදු වූ රිය අනතුරකින් අටහැවිරිදි දැරියක් මියගොස් ඇගේ මව සහ සහෝදරයා බරපතල තුවාල ලබා තිබේ.




රාගම සිට වල්පොල දෙසට ධාවනය වූ ලොරි රථයක් රියැදුරුගේ පාලනයෙන් ගිලිහී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක සහ තවත් ලොරි රථයක ගැටී ඇත. අනතුරුව එම ලොරි රථය මාර්ගය අයිනෙන් ගමන් කරමින් සිටි මව සහ ඇගේ දරුවන් දෙදෙනා ද යටකරමින් නතර වී තිබේ.

අනතුරෙන් දැඩි ලෙස තුවාල ලැබූ මව සහ දරුවන් දෙදෙනා වහාම රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී රාගම ප්‍රදේශයේම පදිංචි අටහැවිරිදි ගැහැණු දරුවා ජීවිතක්ෂයට පත්ව ඇත. සිද්ධියට සම්බන්ධ ලොරි රථ රියැදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර, රාගම පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

No comments:

Post a Comment

Pages