ඩුබායිහිදී ඇල්ලූ 'බස් ලලිත්' අනිද්දා ලංකාවට - Lanka News Click 24x7

ඩුබායිහිදී ඇල්ලූ 'බස් ලලිත්' අනිද්දා ලංකාවට

Share This
bus-lalith-caught-in-dubai-to-sri-lanka-the-next-day

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ලලිත් කන්නංගර හෙවත් ‘බස් ලලිත්’ නමැත්තා එළඹෙන 24 වැනිදා මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ. අදාළ සැකකරු භාරගෙන දිවයිනට පැමිණීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ අලුයම ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.




මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ලබා දුන් විශේෂ දැනුම්දීමකට අනුව ක්‍රියාත්මක වූ ඩුබායි පොලිසිය විසිනි.

සංවිධානාත්මක අපරාධකරුවකු වන මොහු ඩුබායිහිදී අත්අඩංගුවට පත්වීමත් සමඟ හංවැල්ල, හෝමාගම සහ කඩුවෙල යන ප්‍රදේශවල ජනතාව විශාල ලෙස සතුටට පත්ව සිටි බව 2025 ඔක්තෝබර් මාසයේදී වාර්තා විය. ප්‍රදේශවාසීන් සිය සතුට ප්‍රකාශ කරමින් සහ ආරක්ෂක අංශ ඇතුළු රජයට ස්තූතිය පළ කරමින් එම ප්‍රදේශ පුරා පෝස්ටර් පවා අලවා තිබූ බව සඳහන් වේ.

bus-lalith-caught-in-dubai-to-sri-lanka-the-next-day

No comments:

Post a Comment

Pages