මාතර රූපලාවන්‍යාගාරයක් වටලා මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවළක් අත්අඩංගුවට - Lanka News Click 24x7

මාතර රූපලාවන්‍යාගාරයක් වටලා මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවළක් අත්අඩංගුවට

Share This
a-couple-was-arrested-with-a-stock-of-drugs-after-raiding-a-beauty-salon-in-matara

මාතර දුම්රිය ස්ථානය ආසන්නයේ පවත්වාගෙන ගිය රූපලාවන්‍යාගාරයක් තුළ සිදුකළ හදිසි වැටලීමකදී රුපියල් ලක්ෂ ගණනක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ සහ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.




මෙම වැටලීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 45 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 56 යි මිලිග්‍රෑම් 800 ක් පොලිස් භාරයට ගෙන තිබේ. ඊට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 6,25,000 ක මුදලක් සහ ජාවාරම සඳහා භාවිත කළ ජංගම දුරකථන 5 ක් ද සොයාගැනීමට හැකිවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් අඹුසැමි යුවළ මාතර, විලේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. මොවුන් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීප සබඳතා පවත්වමින් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවට විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

news-2026-08-28-022712

No comments:

Post a Comment

Pages