හොරණ - කොළඹ 120 ප්‍රධාන මාර්ගයේ ගෝනපල මංසන්ධිය ආසන්නයේදී අද (29) අලුයම සිදු වූ කන්ටේනර් රථ පෙරළීමක් හේතුවෙන් එම මාර්ගයේ එක් මංතීරුවක ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව මොරගහහේන පොලිසිය සඳහන් කරයි.
අනතුරට ලක්වූ කන්ටේනර් රථය හොරණ කර්මාන්ත පුරයේ සිට කොළඹ වරාය දක්වා ගමන් කරමින් තිබූ එකක් වන අතර, පැමිණි අධික වේගය පාලනය කරගැනීමට නොහැකිව වංගුව පසු කිරීමට උත්සාහ කිරීම මෙලෙස රථය පෙරළී යාමට හේතුවන්නට ඇති බවට පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
No comments:
Post a Comment