අතුරුගිරිය, හබරකඩ, සීලාලංකාර මාවත ප්‍රදේශයේ ඊයේ (17) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ හෝටල් හිමිකරුවෙකු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියි.
තුවාල ලබා ඇත්තේ විදෙස්ගතව පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 'ඩුබායි කසුන්' හෙවත් 'හබරකඩ කසුන්' නමැත්තාගේ ඥාති සහෝදරයෙකි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවට පොලිස් මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති අතර, ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී වෙඩි හඬවල් තුනක් පමණ ඇසුණු බව අසල්වාසීහු සඳහන් කරති.
වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.
No comments:
Post a Comment