විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුගේ ප්‍රකාශ ඇතුළත් CD අධිකරණයට - Lanka News Click 24x7

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුගේ ප්‍රකාශ ඇතුළත් CD අධිකරණයට

Share This
cd-containing-statements-of-6-people-including-vimal-gammanpila-dilith-to-the-court

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (19) නැවත කැඳවූ අවස්ථාවේදී, අධිකරණයට අපහාස වන අයුරින් සිදුකරන ලදැයි පැවසෙන ප්‍රකාශ ඇතුළත් සී.ඩී. තැටි කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත භාරදෙන ලදී.

හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු ලේකම් සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න මෙන්ම මහින්ද පතිරණ යන පුද්ගලයන් හයදෙනා සිදුකළ බව කියන ප්‍රකාශ මෙම සී.ඩී. තැටිවල අඩංගු බව කියැවේ.




මේ අතර, පාස්කු ප්‍රහාර සිදුවීමට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා ලබන සැප්තැම්බර් මස 02 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

මීට අමතරව, අදාළ ප්‍රහාර මාලාව සම්බන්ධ විමර්ශන සඳහා වවුනතිව් කඳවුරේ ශ්‍රී ලංකා සන්නද්ධ බලකායට අයත් බුද්ධි තොරතුරු සටහන් පොතක් සිය භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේය. එම සටහන් පොත භාරව සිටි ලුතිනන් කර්නල්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින්, එම බුද්ධි තොරතුරු පදනම් කරගෙන පුළුල් විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇති බව ද පොලීසිය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

No comments:

Post a Comment

Pages