
ශ්‍රී ලංකාවේ වසර 46කට වැඩි පැරණි ඇනලොග් රූපවාහිනී විකාශන පද්ධතිය නවීන ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කිරීමේ ඓතිහාසික පියවර ඊයේ දින නිල වශයෙන් ආරම්භ කරන ලදී. ඩිජිටල් භූමික රූපවාහිනී විකාශන (DTTB) ව්‍යාපෘතියේ තාක්ෂණික ක්‍රියාත්මක කිරීම සඳහා ඉංජිනේරු උපදේශන සේවා විධිමත්ව ආරම්භ කිරීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
No comments:
Post a Comment