වැඩ බැරි අය වෙනුවෙන් ලිංගික උදව් කරන්න ගිය විධායක නිළධාරියා. - Lanka News Click 24x7

වැඩ බැරි අය වෙනුවෙන් ලිංගික උදව් කරන්න ගිය විධායක නිළධාරියා.

Share This
මලීෂ නිර්මාණ මීගමුව ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන ඔහු විවාහකයෙකි. පිළිගත් පවුලක, සමාජයක හැදුණු වැඩුණු මලීෂට කලක සිට අමුතු රෝගයක් වැලඳිණ. කොටින්ම කියතොත් එය රෝගයකට වඩා අසහනයකි. ඔහු එලෙස පෙලූනේ ලිංගික අසහනයකින්ය.

 මලීෂට එලෙස වීමට ප‍්‍රධානම හේතුව වූයේ කලක සිට ඔහු නිල් චිත‍්‍රපටි බැලීමට ඇබ්බැහි වීම නිසාය. ඔහු මෙම අසහනය තම බිරිඳගෙන්ද සඟවාගෙන සිටීමට උත්සාහ කළේය.

 මාස කීපයක් එලෙස ගත විය. එහෙත් ඔහුගේ ලිංගික අසහනය අඩු වූයේ නැත. එම නිසා කරන්න කිසිම දෙයක් නොමැති කල ඔහු මෙලෙස සිතුවේය. ”තවත් මේ අසහනය මට විඳවන්න බැහැ. සහකරුවෙක් හෝ සහකාරියක් ඉක්මනින් හොයාගන්න ඕනා. කොහොමද මම ඒක කරන්නේ.”

 දින කිහිපයක් ඔහු ඒ පිළිබඳව මෙලෙස කල්පනා කළේය. ”පුවත්පතක දැන්වීමක් දානවද? නැත්තං මිතුරන්ට කියලා එහෙම කපල් එකක් හොයා ගන්නවද? බෑ එහෙම කළොත් මට ලැජ්ජ වෙන්න වෙනවා. අනික බිරිඳටත් දැනගන්න ලැබේවි. හොඳම වැඬේ අන්තර්ජාලය තමයි ඒ හරහා මගේ උවමනා මම ඉටු කර ගන්නවා.”

 මලීෂ අවසානයේ අන්තර්ජාලය භාවිතා කරමින් තමන්ගේ ලිංගික අසහනය විසඳාගැනීමට තීරණය කළේය. ඒ අනුව ඔහු ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් සාදා ගත්තේය. එයට නන්දෙසින් මිතුරු මිතුරියන් එකතු කර ගත්තේය. එලෙස එකතු කරගත් පසු ඔහු තමන්ගේ ෆේස්බුක් ගිණුමේ මෙලෙස දැන්වීමක් දැමුවේය.

 ”පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන මම විවාහ දිවියේ ලිංගික දුබලකම් ඇති තරුණ යුවලකට උදව් උපකාර කරන්නෙමි. වෙන කිසිම දිනෙක අත් නොවිඳි ලිංගික සතුටක් ලබා දෙන්නෙමි. හැකි අයුරින් වෙනත් උපකාර කිරීමට ද කැමැත්තෙමි. එලෙසම රහස්‍යභාවය සියයට සියයක් සුරකිමි. මීගමුව ප‍්‍රදේශයෙන් විශේෂයි. මගේ උපකාර අවශ්‍ය අය වෙතොත් පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න.”

 එලෙස තම ෆේස්බුක් ගිණුමෙහි දැන්වීමක් පළ කළ ඔහු ජංගම දුරකථන අංකයක්ද එහි සඳහන් කළේය. දැන්වීම පළ කළ දින කීපයක් ගත විය. ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ මීගමු ප‍්‍රදේශයේ යුවලකගෙනි.

 එම යුවල සහ මලීෂ අතර මෙලෙස දුරකථන සංවාදයක් ඇති වූහ.

 ”හෙලෝ, සර් මම මේ කතා කරන්නේ රසාංග කියලා කෙනෙක්.”

 

 ”හෙලෝ, කියන්න රසාංග.”

 

 ”සර් මම අර ෆේස්බුක් එකේ තියෙන පෝස්ට් එක දැකලා කතා කරන්නේ.”

 

 ”ආ ඔව් ඔව් ඒක මම දැම්මේ. මොකක්ද මගෙන් වෙන්න ඕනා.”

 

 ”සර් අපි ප‍්‍රශ්න ගොඩක ඉන්නේ. සල්ලිවලින් නොවෙයි. යුග දිවියේ ප‍්‍රශ්න.”

 

 ”ඒක එච්චර ගණන් ගන්න එපා රසාංග. ඕන දෙයක් මට කියන්න මම හැකි උපරිමයෙන් උදව් කරන්නම්.”

 

 ”එහෙමද සර්.”

 

 ”ඔව් රසාංග කිසි දෙයකට බයවෙන්න එපා.”

 

 ”මම ඉන්නේ කොච්චිකඬේ. අපි දැන් බැඳලා අවුරුදු පහක් වෙනවා. එක ළමයයි ඉන්නේ. එයාට අවුරුදු තුනයි.”

 

 ”හරි රසාංග. දැන් මට කියන්න මොකක්ද ප‍්‍රශ්නේ කියල.”

 

 ”අනේ මන්දා මට එක කියන්න බෑ එකපාරටම පෝන් එකෙන්.”

 

 ”ඒ වගේ ප‍්‍රශ්නවලට උත්තර දෙන්න තමයි මම ඉන්නේ. ඒක නිසා ලැජ්ජ නැතුව කියන්න.”

 

 ”සර් මේකයි ප‍්‍රශ්නය. දැන් අවුරුද්දක ඉඳන් මම ටිකක් දුබලයි. ලිංගිකව එකතු වෙලා ඉන්න බෑ. ඒ වගේම වයිෆ් එක්ක ඉන්න මට ආශාවකුත් නැහැ. හැබැයි වයිෆ්ට එහෙම නොවෙයි. එයා ගොඩක් ආසයි ලිංගිකව එකතු වෙලා ඉන්න.”

 

 ”මම දන්න විදියට වර්තමාන සමාජයේ ගොඩක් අයට ඔය ප‍්‍රශ්නය තියෙනවා. ඒක නිසා බය වෙන්න එපා මම උදව් කරන්නම්. ඉතුරු ටිකත් කියාගෙන යන්නකෝ.”

 

  ”මම වයිෆ්ට ඒ සඳහා අවශ්‍ය දේවලූත් ගෙනත් දුන්නා. ඒත් එයා සෑහීමකට පත්වෙන්නේ නැහැ. අපේ පවුලේ නම්බුවත් බේරගන්න ඕනා. ඒක නිසා අපි තීරණය තීරණය කළා රහසිගත ලිංගික ඇසුරකට. එහෙම කෙනෙක් හොයන කොට තමයි සර් එෆ්බී එකේ දාල තියෙන පෝස්ට් එක දැක්කේ.”

 

 ඉන්පසු මලීෂට අවශ්‍ය වූයේ මෙම යුවළගේ විශේෂයෙන්ම බිරිඳගේ හැඩහුරුකම දැනගැනීමටයි. එමනිසා ඔහු මෙවැනි ප‍්‍රශ්නයක් රසාංග ගෙන් විමසුවේය.

 

 ”හරි මම උදව් කරන්නම්. දැන් කියන්න ඔය දෙන්නගෙ වයස කීයද? හැඩරුව කොහොමද කියලා.”

 

 ”අපිට අවුරුදු 36 ක් වගේ වෙන්නේ. මගේ වයිෆ්ට ළමයෙක් ඉන්නව කියල කියන්නවත් බැහැ. තවම කෙල්ල වගේ.”

 

 ”හරි මම එන්නම් දවසක. මට ඔය දෙන්නා නිදහසේ ඉන්න වෙලාවක් කියන්න.”

 

 ”හෙට වුණත් කමක් නැහැ එන්න පුළුවන් නම්. එයත් ගොඩක් සතුටු වෙයි.”

 

 ”හරි මම හෙට එන්නම්. එන්න ඕන ලිපිනය මට කියන්න.”

 

 ඒ අනුව දුරකථන ඇමතුම් ලබා දුන් පුද්ගලයා මලීෂට තම නිවෙස පිහිටි ස්ථානය සහ පැමිණිය යුතු වෙලාව පැවැසුවේය.

 

 එදින මලීෂ සිටියේ ගොඩක් සතුටින් ය. ඒ පසුදින තමන්ගේ සිතේ තිබුණු අදහස මුදුන්පත් කරවා ගැනීමට හැකි වන නිසාය.

 

 නියමිත වෙලාවට මලීෂ එම දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයාගේ නිවසට ගියේය. එලෙස යනවිට නිවසේ සිටියේ බිරිඳ සහ එම පුද්ගලයා පමණි.

 

 දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයාගේ බිරිඳ සිත් ඇදගන්නා සුළු විදිහට ලක ලෑස්ති වී සිටියේය. ඇය දෙස බැලූ කල එක් දරු මවක් කියා කෙලෙසවත් කීමට නොහැකිය. එලෙස පැමිණි මලීෂ එම යුවළ සමඟ ලිංගික ගැටලූ කීපයක් කතා බස් කළේය.

 

 ලිංගික ගැටලූ කතා කරන අතර මලීෂ සහ එම යුවල අතර තිබූ අන්‍යොන්‍ය සම්බන්ධතාවය ද වැඩි වුහ. එලෙස පැයක් පමණ ගත වූ පසු ”දැන් තියරි කතා කළා ඇති ප‍්‍රැක්ටිකල් කරමු. ඒක නිසා අපි නිදි යහනට යමු යැයි” මලීෂ පැවසුවේය.

 

 එම යුවල එක පයින් එයට කැමති වූහ. ඒ අනුව තිදෙනාම නිදි යහනට ගියහ. නිදි යහනට ගිය පසු පැයක් පමණ ඔවුන් තිදෙනා විවිධ ක‍්‍රමවලට තම කායික ආශාවන් ඉටුකර ගත්හ.

 

 පළමුවරට මලීෂ තම ලිංගික අසහනය ඉටු කරගත්තේ එලෙසින්ය. ඉන් පසු කිහිප වරක්ම ඔහු එම නිවසට පැමිණ එලෙස එම යුවළ සමඟ ලිංගිකව එකතු විය.

 

 මලීෂ එතනින් නොනැවතුණි. ඔහුගේ ෆේස්බුක් ගිණුමේ දැන්වීම දුටු තවත් විවිධ ලිංගික දුබලතා ඇති පිරිස් ඔහුට දුරකථන ඇමතුම් ලබා දුන්හ. එලෙස ලබා දී ඔහු සමග ලිංගිකව එකතු වූහ.

 

 එවැනි ලිංගික දුබලතා ඇති පවුල් සමග එකතු වීමේ ආශාව තව තවත් ඔහුට වැඩිවිය. ඒ අනුව මීගමුවෙ සිට ගම්පහ ප‍්‍රදේශයේ පවා මෙවැනි පවුල් සොයාගෙන ගියේය.

 

 කලක් මෙලෙස ගත වෙද්දී මීගමුව කොට්ඨාසය භාර ඉහළ පොලිස් නිලධාරියකුට මේ පිළිබඳව දැනගන්නට ලැබුණි. වහාම ඔහු ඒ පිළිබඳව අදාළ පොලිස් නිලධාරීන් දැනුවත් කළේය. ඒ අනුව පොලිස් නිලධාරීහු මෙම පුද්ගලයා වැටලීමට සැලසුම් කළහ.

 

 ඒ පොලිස් නිලධාරියකු සහ නිලධාරිනියක් යොදාගෙනයි. වෙස්වලාගත් පොලිස් නිලධාරියා සහ නිලධාරිනිය මෙම පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබාදී තමන් මුහුණ පා ඇති ලිංගික ගැටලූව ගැන පැවසූහ. එහිදී ඔහු අන් අයට ලබා දෙන පිළිතුර ලබා දුන්නේය. ඒ අනුව මීගමු ප‍්‍රදේශය පිහිටි එක්තරා හෝටලයක දී ඔවුනොවුන් මුණ ගැසීමට කතිකා කර ගත්හ.

 නියමිත දිනය උදා විය. වෙස්වලාගත් පොලිස් නිලධාරියා සහ නිලධාරිනිය මෝටර් රථයකින් එම හෝටලය වෙත ගියහ. ඒ සමගම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පිරිසක් ද ඒ අවට සිටියහ.

 අදාළ පුද්ගලයා ද නියමිත වෙලාවට එම හෝටලය පිහිටි ස්ථානයට පැමිණියේය. එලෙස පැමිණ වෙස්වලාගත් පොලිස් යුවල සිටි මෝටර් රථයට ගොඩවිය. එම පුද්ගලයා එලෙස ගොඩ වනවාත් සමඟම එම ස්ථානයේ සිවිල් ඇඳුමින් සැරසී සිටි තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එම මෝටර් රථයට ගොඩවූහ.

 එලෙස ගොඩ වීමත් සමඟම සැකකාර පුද්ගලයාට තමා අතින් කිසියම් වරදක් සිදු වී ඇති බව දැනුණි. එහෙත් දැන් ප‍්‍රමාද වැඩිය. ඒ බව ඔහුට අවබෝධ වූයේ සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් පැවසූ වදන්වලින් පසුවයි.

 අවසානයේ මීගමුව පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඔහුගෙන් ප‍්‍රශ්න කළේය. එහිදී හෙළි වූයේ කලක සිට ඔහු මේ ක‍්‍රියාව සිදුකළ ඇති බවයි. සැකකාර පුද්ගලයාගේ බිරිඳ හැඬූ කඳුළින් යුතුව පොලිසිය හමුවේ පැවසුවේ ”තම ස්වාමි පුරුෂයා මෙවැනි ක‍්‍රියාවක් කරන බව පොලිස් අත්අඩංගුවට පත් වනතුරු නොදැන සිටි බවයි.”

 අන්තර්ජාලය හරහා ලිංගික දුබලතා ඇති පවුල් සඳහා නොමිලයේ ලිංගික පහස ලබා දීමට ගිය එම සැකකරුට අවසානයේ සිදු වූයේ බිරිඳට සහ සමාජයට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උදාවී නීතියෙන් ද දඬුවම් විඳීමටයි.

-Divaina


No comments:

Post a Comment

Pages