අධ්‍යාපන විද්‍යාපීඨවල ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ 3772ක් පමණ වූ පිරිසට එකගවූ පරිදි දෙසැම්බර් 31 වන දිනට පෙර ස්ථිර පත්වීම් ලබානොදිමට එරෙහිව අද දින ඔවුන් අධ්‍යාපන අමාත්‍යංශය (ඉසුරුපාය) ඉදිරිපිටදී විරෝධතාවක නිරත වෙයි.
මේ සම්බන්ධව අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ 2014 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව අධ්‍යාපන විද්‍යා පීඨවල වසර 03ක ඩිප්ලෝමා පාඨමාලාවක් සදහා බදවා ගත් මෙම ඩිප්ලෝමාධාරීන් තම පාඨමාලා අවසන් කර මේ වන විට මාස 06ක් ගත වී ඇති බවයි.
ලංකා ගුරු සේවා සංගමය සහා අධ්‍යාපන අමාත්‍යංශ ලේකමිවරයා අතර මේ ගැටලුව පිළිබද අද සාකචිජාවක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.
සටහන -වරුන මහීශ.

No comments:
Post a Comment