'කොරෝනා මෘතදේහ කමිටු සලකා බැලීම විද්‍යාමකවම නොවෙයි,වෙන ඒවත් බලනවා.'- කමිටු සාමාජිකා නිලීකා මලවිගේ - Lanka News Click 24x7

'කොරෝනා මෘතදේහ කමිටු සලකා බැලීම විද්‍යාමකවම නොවෙයි,වෙන ඒවත් බලනවා.'- කමිටු සාමාජිකා නිලීකා මලවිගේ

Share This

 කොරෝනා ආසාදිත මෘතදේහයන් භූමදානය කරන්නේද ආදාහනය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සලකා බලමින් ඇත්තේ විද්‍යාත්මක පැත්තෙන් පමණක් නොවන බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි.

එහිදී වෙනත් බොහෝ පැතිවලින් එය සිදුවන බව පෙනෙන්නට ඇතැයිද ඇය පවසයි.

එන්සා තමන් ඒ ගැන මතයක් මේ අවස්ථාවේ ප‍්‍රකාශ නොකරන බව ඇය සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය පැවසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා රජය විසින් පත් කරන ලද කමිටු නිර්දේශ මත රජයේ තීන්දුව ඉදිරියේදී ප්‍රකාශ කරනු ඇති බවත් ඇය සඳහන් කළාය.

මලවිගේ මහත්මිය කොරෝනා මල සිරුරු අවසන් කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පළමු කමිටුවේ සාමාජිකාවක් වෙයි.

-Lankacnews.

No comments:

Post a Comment

Pages