දැරියන් දෙදෙනා මුදලට විකිණූ සිව්දෙනා රිමාන්ඞ්.[Video] - Lanka News Click 24x7

දැරියන් දෙදෙනා මුදලට විකිණූ සිව්දෙනා රිමාන්ඞ්.[Video]

Share This

 

දාහතර සහ පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියන් දෙදෙනකු නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කර විවිධ පුද්ගලයන්ට විකුණා ඇති බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ අංශයට 27 දින තොරතුරක් ලැබී තිබේ. එහිදී මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත් මහතාගේ උපදෙස් මත වහාම කි‍්‍රයාත්මක වූ එම අංශයේ ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු නිලධාරීන් විසින් හදිසි වැටලීමකින් පසු කළ පරීක්ෂණවලින් පසු සැකපිට අත්අඩංගුවට ගත් 26 හැවිරිදි කාන්තාවක සහ පිරිමි පුද්ගලයන් තිදෙනකු මේ මස 29 දින මාතර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කොට ඇත.

 26 හැවිරිදි කාන්තාවක් ති‍්‍රරෝද රථ රියැදුරන් දෙදෙනෙක්, හෝටල් හිමියෙක් යැයි පවසන අයෙක් ද සැකකරුවෝ වෙති.

 මාතර හෝටලයක බාල වයස්කාර දැරියන් දෙදෙනකුට නවාතැන් පහසුකම් ලබා දෙමින් ති‍්‍රරෝද රථ රියැදුරන්ගේ සහාය ලබා ගනිමින් දැරියන් විවිධ පුද්ගලයන්ට ලබා දෙමින් මුදල් උපයා ගෙන ඉන් කොටසක් දැරියනට ලබා දෙන බවට තොරතුරක් ලැබී ඇති බවත් ඒ අනුව වහාම පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගත් බවටත් තවත් සැකකරුවන් කීප දෙනකු අත්අඩංගුවට ගැනීමට විමර්ශනය කරන බවටත් මාතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ අංශය විසින් අධිකරණයට කරුණු දක්වමින් ප‍්‍රකාශ කොට ඇත.

-Divaina.



No comments:

Post a Comment

Pages