'විදේශගත ශ‍්‍රමිකයන් ගෙන්වීම මහා ජාවාරමක්, මාෆියාවක්.'- ඇමති අරුන්දික. - Lanka News Click 24x7

'විදේශගත ශ‍්‍රමිකයන් ගෙන්වීම මහා ජාවාරමක්, මාෆියාවක්.'- ඇමති අරුන්දික.

Share This

 

විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීමේ ලේඛණයට නම දැමීමේදී පටන් මාෆියාවක් ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අද වන විට විදේශ ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීම ඉතාම අසාධාරණ ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇතැයි ද ඔහු චෝදනා කළේය.

ගුවන් තොටුපලේදී පුද්ගලික හෝටල් තුල නිරෝධායනයට එම ශ‍්‍රමිකයන් ගෙන යාම සදහා මහා මාෆියාවක් ඇතැයිද ඔහු හෙලි කරයි.

විදේශ ශ්‍රමිකයන් ගෙන්වීම මේ වන විට ගසා කෑමක් බවටත්, මුදල් හම්බ කිරීමේ ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇතැයිද ඔහු කියා සිටියේය.

ඒ හේතුවෙන් මෙම රජය බලයට පත් කිරීමට විශාල කැපකිරීමක් කල විදේශගත ශ‍්‍රමිකයන් රජය ගැන බරපතළ ලෙස කලකිරී ඇතැයිද ඔහු පැවසීය.

මෙම වැඩපිළිවෙල ජනාධිපතිතුමාගේ දැක්මට විරුද්ධව සිදු කරන වැඩපිළිවෙළක් යයි ද ඔහු චෝදනා කළේ කොළඹ පැවති මාධ්‍ය හමුව අමතමිනි.

-Lankacnews.



No comments:

Post a Comment

Pages