"විපක්ෂය වසංගත තත්ත්වය හමුවේ දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් උමතුවෙන් හැසිරෙනවා."- පා.ම ඩයනා ගමගේ - Lanka News Click 24x7

"විපක්ෂය වසංගත තත්ත්වය හමුවේ දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් උමතුවෙන් හැසිරෙනවා."- පා.ම ඩයනා ගමගේ

Share This

 

 ‘‘රට තුළ කොරෝනා වසංගතයක් ඇති වෙලා තිබෙන වෙලාවක විපක්ෂයක් හැටියට කරන්න ඕනේ ආණ්ඩුවත් සමග එකට එකතු වෙලා මේ තත්ත්වය මර්දනය කරලා රටේ ජනතාව බේරා ගන්න සහයෝගය දක්වන එකයි’’ යැයි පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ඩයනා ගමගේ මහත්මිය ‘දිවයින’ට ඊයේ (25 වැනිදා* පැවසුවාය. 

 පවතින වසංගත තත්ත්වය හමුවේ දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් හා උමතුවෙන් විපක්ෂය හැසිරෙන බවත් ඒ පිළිබඳව තමා කනගාටු වන බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා සඳහන් කළාය.

 ඇය මෙසේ ද කියා සිටියාය.

 කොරෝනා වසංගතය හමුවේ මිය යන මුස්ලිම් ජාතික පුද්ගලයන්ගේ මෘත දේහ විතරක් නොවෙයි අනෙකු් ආගම්වල පුද්ගලයින්ගේ මෘත දේහ ආදාහනය කරනවා. සෞඛ්‍ය බලධාරීන් ලබාදී තිබෙන නිර්දේශවලට අනුකූලවයි මේ ආදාහන කටයුතු සිදු කෙරෙන්නේ.

 කොරෝනා මෘත දේහ ආදාහනය කරනවා කියන එක රටේ සියලූම ආගම්වලට පොදුයි.

 දැන් මේ ගැන හාරඅවුස්ස අවුස්සා උද්ඝෝෂණ රටපුරා පවත්වමින් විපක්ෂය කරන්නේ මුස්ලිම් ජනතාව අවුස්සන එකයි. එක පැත්තකින් ඒ අය මේ රටම අනතුරේ හෙළනවා.

 විපක්ෂය මේ වෙලාවේ කරන්න ඕන එවැනි පහත් විදිහේ දේවල් නොවෙයි. ජනාධිපතිතුමා, අගමැතිතුමා, සෞඛ්‍ය ඇමැතිතුමිය, වෛද්‍යවරු මේ සියලූ දෙනා හමුවෙලා මේ වසංගත තත්ත්වය මර්දනය කරලා. රටේ ජනතාවගේ ජීවිත බේරා ගන්න සාකච්ඡුා කරන එකයි. මේක දේශපාලන කතන්දරයක් නොවෙයි. මේක සෞඛ්‍ය ප‍්‍රශ්නයක්. මේ වෙලාවේ රටේ කොරෝනා වසංගතය දේශපාලනය කර ගන්න එපා.

-Divaina.

No comments:

Post a Comment

Pages