මේ වන විට වසා දමා ඇති කුඩා පාසල් කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ හදිසි අවස්ථාවකදී එම පාසල් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි.
දැනටමත් එම පළාත්වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඊට අවශ්‍ය කටයුතු සිදුකරමින් ඇතැයිද ඔහු කියා සිටියේය.
දැනට රට පුරා ප්‍රතිකාර මධ්‍යස්ථාන 70 කට ආසන්න පිරිසක් ස්ථාපිත කර ඇති බවත් ඔහු පැවසීය.
-Lankacnews.

No comments:
Post a Comment