අලි සබ්රි අධිකරණ ඇමති ධුරයෙන් අස්වෙයි ? - Lanka News Click 24x7

අලි සබ්රි අධිකරණ ඇමති ධුරයෙන් අස්වෙයි ?

Share This

 

තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට පැතිර යන මාධ්‍ය වාර්තා අසත්‍ය බව අධිකරණ ඇමති අලි සබ්රි මහතා පවසයි.

තම සමාජ ජාල ගිණුමේද සටහනක් තබමින් ඔහු එම වාර්තා බැහැර කර ඇත.

කෙසේ වෙතත් අද දහවල් පැතිර ගිය පුවතකින් කියැවුනේ අදි සබ්රි මහතා සිය ඇමති ධුරයෙන් ඉවත් වීමේ ලිපිය ජනාධිපතිවරයාට බාර දුන් නමුත් එය බාරගෙන නැති බවයි.

කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් ආදාහනයට මුස්ලිම් සමාජයෙන් එල්ල වන පීඩනය මත ඔහු ධුරයෙන් අස් වන්නට තීරණය කර තිබූ බව එම මාධ්‍ය වාර්තාවල තව දුරටත් දැක්වින.

-Lankacnews

No comments:

Post a Comment

Pages