චාජරයේ වයරයෙන් තරුණයාගේ ගෙළ සිරකර මරලා,සැකකාර දෙදරු මව පොලිසියට භාරවෙයි. - Lanka News Click 24x7

චාජරයේ වයරයෙන් තරුණයාගේ ගෙළ සිරකර මරලා,සැකකාර දෙදරු මව පොලිසියට භාරවෙයි.

Share This

 

හෝමාගම, මාකුඹුර ප‍්‍රදේශයේ තාවකාලික නැවතුම්පළක් තුළදී විවාහක කාන්තාවක් සහ අවිවාහක තරුණයකු අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් 41 හැවිරිදි විවාහක කාන්තාව විසින් 26 හැවිරිදි තරුණයාගේ ගෙල ජංගම දුරකථන චාජර වයරයකින් සිරකර ඊයේ (24 වැනිදා* ඝාතනය කර ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.

 පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරිනියක ලෙස කටයුතු කර ඇති කාන්තාව කැකිරාව ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන අතර සැකකාරිය පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

 මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙයියන්දර, පරණමුල්ල පදිංචිව සිටි තරුණයෙකි.

 මෙම ඝාතනයට ලක්වූ තරුණයා, විවාහක සැකකාර කාන්තාව සමග වසර පහක කාලයක සිට අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබේ. සැකකාරිය මාකුඹුර ප‍්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මාලයේ කාමරයක නවාතැන්ගෙන සිට ඇත. තරුණයා නිතරම ඇය හමුවීමට එම කාමරයට පැමිණ ඇත.

 මේ අතරේ තරුණයා එම විවාහක කාන්තාවගේ නිරුවත් ඡුායාරූප කීපයක් ලබා ගැනීම සම්බන්ධයෙන් දෙදෙනා අතර බහින් බස්වීම් සිදුව ඇත. සිද්ධිය වී ඇති පෙරේදා දිනයේද මෙම තරුණයා සැකකාර කාන්තාවගේ නිරුවත් ඡුායාරූප කීපයක් මිතුරකුට ජංගම දුරකථනයෙන් යැවීමට උත්සාහ කිරීමේදී සැකකාරිය ජංගම දුරකථනයේ චාජර් වයරයක් තරුණයාගේ ගෙළට ඔතා අතින් පැය භාගයක් තිස්සේ සිර කරගෙන සිට ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි. පසුව සැකකාරිය පොලිසියට පැමිණ අදාළ අපරාධය තමා සිදුකළ බව පැවසීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

 සැකකාරිය දෙදරු මවක බවත්, ඇයගේ සැමියා මීට පෙර අත්හැර දමා ගොස් ඇති බවත් හෙළිවී ඇතැයි පොලිසිය කියයි. සැකකාරිය හෝමාගම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 මේ පිළිබඳව හෝමාගම මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක පේ‍්‍රමලාල් මහතාගේ උපදෙස් මත ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ගුණසේකර, පො.සැ වන මුණසිංහ (38754*, කමල් (50007*, පො.කො. වරුන් වන බණ්ඩාර (12976*, සසිත් (92535* කා.පො.කො. අනුරුද්ධිකා (10714* යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

-Divaina.


 

No comments:

Post a Comment

Pages