හෙට උදෑසන 5සිට හුදකලාවෙන් මිදෙන Colombo ප්‍රදේශ - Lanka News Click 24x7

හෙට උදෑසන 5සිට හුදකලාවෙන් මිදෙන Colombo ප්‍රදේශ

Share This


හෙට උදෑසන 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කොට තිබු වේල්ල විදිය, කෙසෙල්වත්ත සහ මරදාන පොලිස් වසම් හුදෙකලා භාවයෙන් මුදා හැරීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

මිට අමතරව කොම්පඤ්ඤ විදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම, හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම ද හෙට සිට හුදෙකලා භාවයෙන් මුදා හැරීමට නියමිතව ඇත.

වැල්ලවත්ත පොලිස් වසමට අයත් මයුර පෙදෙස, බොරැල්ල පොලිස් වසමේ හල්ගහ වත්ත, කාලිපුල්ල වත්ත සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය ද හුදෙකලා භාවයෙන් මුදා හැරීමට නියමිතව ඇත.

මිට අමතරව පහත සඳහන් හෙට උදෑසන 5.00 සිට අලුතින් හුදෙකලා කරන ප්‍රදේශ වන්නේ :

කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර ග්‍රාම නිලධාරී වසම සහ අලුත්කඩේ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම.

No comments:

Post a Comment

Pages