‘පොල්ලෙන් ගහල මරල මං හිරේ යනවා..’ අම්පිටියේ හිමි පුරා විද්‍යා නිලධාරීන්ට ගහන්න පන්නයි,තවත් තිදෙනෙක් සිරකර ගනී. - Lanka News Click 24x7

‘පොල්ලෙන් ගහල මරල මං හිරේ යනවා..’ අම්පිටියේ හිමි පුරා විද්‍යා නිලධාරීන්ට ගහන්න පන්නයි,තවත් තිදෙනෙක් සිරකර ගනී.

Share This

 

මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් විසින් එම ප‍්‍රදේශයේ පුරාවිද්‍යා නිළධාරීන් කිහිපදෙනෙකු සිර කර ගැනීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති විය.

උන්වහන්සේගේ විහාරස්ථාන භූමියේ පුරාවිද්‍යාත්මක ස්ථාන ඩෝසර් කර ඇතැයි පවසමින් එහිමියන් විසින් චෝදනා එල්ල කරමින් මෙම කටයුත්ත සිදු කලම.

එම ස්ථානයට පොලීසිය ද පැමිණියත් තත්ත්වය පාලනය කිරීමට හැකිවූයේ නැත.

අවසානයේ සතියක් ඇතුලත එම ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක ස්ථාන මැනුම් කටයුතු අවසන් කරන බවට පොරොන්දු වීමත් සමග උන්වහන්සේ තම විරෝධය තාවකාලිකව නතර කරනු ලැබීය.

අවස්ථා කිහිපයකදීම පුරාවිද්‍යා නිලධාරීන්ට උන්වහන්සේ පහරදීමට උත්සාහ කරන අයුරු දක්නට ලැබිණි.

-lankacnews.




No comments:

Post a Comment

Pages