ලෝක කුසලාන අස්සේ,IPL තියන්න දින නියම වෙයි. - Lanka News Click 24x7

ලෝක කුසලාන අස්සේ,IPL තියන්න දින නියම වෙයි.

Share This

ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධානතම ආදායම් මාර්ගයක් බවට පත්ව ඇති අයි. පී. එල්. පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය ලබන සැප්තැම්බර් මස 26 වැනිදා සිට අගෝස්තු මස 08 වැනිදා දක්වා පැවැත්වීමට ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය යෝජනා කර තිබේ.

 අදාළ තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයන්, කණ්ඩායම් හිමිකරුවන් සහ රූපවාහිනී විකාශන අයිතිය සමග ඉන්දියානු ක‍්‍රිකට් සභාපති සව්රව් ගංගුලි සමග පැවැති සාකච්ඡුාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ. වත්මන් තත්ත්වය අනුව ඉන්දියාවේදී තරගාවලිය පැවැත්වීමට එම කාලයේදී හැකියාවක් ඇති බව සාකච්ඡුාවට බඳුන්ව ඇති අතර යම් හෙයකින් ඉන්දියාවේ පැවැත්වීමට නොහැකි වුවහොත් වෙනත් ස්ථානයක් පිළිබඳව අවධානය යොමු කිරීමටද ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය අවධානය යොමු කර ඇතැයි සඳහන් වේ.

 මේ වන විට ඉන්දියාවේ පවතින කොරෝනා වසංගතය සීග‍්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් අයි. පී. එල්. තරගාවලිය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක පවතී. කෙසේ වෙතත් ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන කල් දැමුවහොත් පමණක් එම කාලයේදී අයි. පී. එල්. පැවැත්වීමට හැකියාවක් ඇති බවද අදාළ රැුස්වීමේදී සාකච්ඡුාවට බඳුන්ව තිබේ.

 අයි. පී. එල්. තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් මස 8 වැනිදා පැවැත්වෙන නමුත් විස්සයි විස්ස ලෝක කුසලාන ආරම්භ වන්නේ ඔක්තෝම්බර් 18 වැනිදාය. ඒ අනුව ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන කල් දැමුවහොත් පමණක් අයි. පී. එල්. පැවැත්වීමට හැකියාවක් තිබේ.

 ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපතිවරයා පෙරේදා පවසා සිටියේ මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන යොදාගත් දිනයේදී පැවැත්වීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි. ඒ අනුව ක‍්‍රියාත්මක වූ ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය අදාළ දින දැනට යොදාගෙන තිබේ. මීට පෙර මාර්තු, අපේ‍්‍රල් සහ මැයි මාසවලදී ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය විසින් අයි. පී. එල්. පැවැත්වීමට කටයුතු යොදා තිබුණද ඒ සියලූ දේ නිෂ්ප‍්‍රභ විය.

 ‘‘අපට අපගේ සැලසුම් රඳවා තබා ගැනීමට නොහැක. විස්සයි විස්ස ලෝක කුසලාන ඉදිරි ගමන පිළිබඳව අයි. සී. සී. ය තීරණය කළ යුතු අතර අපගේ සැලසුම් පිළිබඳව අප තීරණය කළ යුතුය. තාවකාලික දිනය ස්ථිර කළ නොහැක්කේ ඒ නිසයි. නමුත් අපි ඒ දිනයට අයි. පී. එල්. දැනට සැලසුම් කරලා තියෙනවා.’’ යැයි ඉන්දියානු ක‍්‍රිකට් ආයතන ප‍්‍රධානියකු පවසයි.

 කෙසේ වෙතත් අයි. පී. එල්. තරගාවලිය පේ‍්‍රක්ෂකයන් නොමැතිව පැවැත්වීමට එහිදී වැඩිදුරටත් තීරණය කර ඇති අතර දැනට තීන්දු කර ඇති කාලයේදී අයි. පී. එල්. පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව විස්සයි විස්ස ලෝක කුසලාන ස්ථිරත්වය සහ කොරෝනා වසංගතය අනුව ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය තීරණය කරනු ඇත. යම් හෙයකින් එම කාලයේදී අයි. පී. එල්. පැවැත්වීමට නොහැකි වුවහොත් ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයට ඇමරිකානු ඩොලර් මිලියන 500 ක පාඩුවක් සිදුවන බව මීට පෙර මාධ්‍ය වාර්තා පළ විය.
 -Divaina

No comments:

Post a Comment

Pages