ඒලියන්න වයිට් කොරෝනා නසන ක‍්‍රමය සොයාගනී,ගුවන් සේවිකාව පැය 12න් සුවයි. - Lanka News Click 24x7

ඒලියන්න වයිට් කොරෝනා නසන ක‍්‍රමය සොයාගනී,ගුවන් සේවිකාව පැය 12න් සුවයි.

Share This

කොරෝනා වැලදීමෙන් මහා මාස එකහමාරක කාලයක් පීඩා විඳිමින් සිටි මෙරට ගුවන් සේවිකාවක් තමන් විසින් පැය 12ක් ඇතුලත සුවපත් කළ බව වෛද්‍ය එලියන්ත වයිට් මහතා සඳහන් කරයි.

තමන් විසින් කුණ්ඩලීකරන ශක්තිය භාවිතා කරමින් ඇය සුවපත් කළ බවද කොරෝනා හා සමාන වෛරසයකට ප්‍රතිකාර සොයාගෙන අවුරුදු අසූ තුන්දාහක් ආපස්සට ගමන් කළ බවද ඔහු පවසයි.

ශ‍්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය සාර්ථකව පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා අගමැති ඇතුළු සෞඛ්‍ය අංශ නියෝජිතයන් සියලුම ආරක්ෂක අංශ කැප වූ බවත් ඒ සියලුදෙනාටම එහි ගෞරවය හිමිවිය යුතු බවත් ශ්‍රී ලංකාවේ විශාල ම කොරෝනා පොකුර සුව කිරීමට තමන්ද ආශිර්වාද කල බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.

රෝගය සුව කිරීමේ තම වැඩසටහනේ සාර්ථකත්වය ඉන්දියාව දැනගෙන ඇති බවත් ඒ නිසා ඉන්දියාව තමනට ආරාධනා කර ඇති බවත් ඔහු කියහා සිටී.

ඒ අනුව ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා නීත්‍යානුකූල පසුබිම සකස් වෙමින් ඇති බවත් දෙරට අතර පවතින නීති රීති ගැන අවධානය යොමු කර සුදුසු පියවර ගනිමින් සිටින බවත් ඔහු කියයි.

ඒ මහතා මෙම අදහස් පළ කර ඇත්තේ සති අන්ත පුවත්පතක් වෙත අදහස් පල කරමිනි.
-Lankacnews.

No comments:

Post a Comment

Pages