ඔස්ටේ‍්‍රලියාව යනු ලොව සෞඛ්‍ය හා ජීවත්වීමට සුදුසුම රටක් ලෙස එරට සංචාරය කළ අය හදුන්වනු ලබන්නේ හේතු සාධක ඇතුවය ඔස්ටේ‍්‍රලියානු මහාද්වීපය, ටස්මේනියාව සහ තවත් කුඩා දූපත් රාශියකින් සැදුම්ලත් රටක් වන අතර ලොව විශාලත්වයෙන් 06 වෙනි රාජ්‍යයට උරුමකම් කියයි.
මෙරට විශාලත්වයෙන් ලොව 06 වෙනි ස්ථානය දිනා ගත්තද එහි ජනගහනය මිලියන 26ක් පමණ වෙතැයි කියවේ. මෙරට බොහෝ ප‍්‍රදේශ දියුණු නාගරීකරණයකට ලක්ව ඇති බව දැනගත හැකිය. මෙහි ප‍්‍රධාන අගනගරය කැන්බ රා වුවද සිඞ්නි, බි‍්‍රස්බේන්, මෙල්බර්න්, පර්ත් හා ඇඩිලේඞ් නගරද ඊට නොදෙවැනි ලෙසට සම තත්ත්වයේ පවතින නගර වේ.
එරට බොහෝ සංචාරකයින් ආකර්ෂණීය කරගනු ලබන ස්ථාන අතර ඉන්දියානු හා පැසිපික් සාගර වලින් වට වූ රමණීය මුහුදු තීරය වඩාත් වැදගත් කමක් උසුලනු ලබයි.
මෙරට ස්විට්සර්ලන්තයට පමණක් දෙවැනි වන ආර්ථික මට්ටම හේතුවෙන් ලොව වටා සිටින බොහෝ පිරිස් මෙරට රැකියා කිරීමේ අරමුණින් හා පදිංචිවීමේ අරමුණින් වීසා ලබාගැනීමට උත්සාහ දරති. නමුත් යම් අයෙකුට ඔස්ටේ‍්‍රලියාවට ඇතුළු වීම යනු එතරම්ම පහසු කාර්යයක් නොවේ.ඒ ස`දහා සුවිශේෂී සුදුසුුකම් රාශියක් සැපිරිය යුතුය.
නමුත් මෙම වීසා ලබාගැනීමේ ක‍්‍රමවේදය වෙනස් කරමින් ඔස්ටේ‍්‍රලියාවේ නව ප‍්‍රාදේශීය වීසා ක‍්‍රමයක් පසුගිය නොවැම්බර් 16 වෙනි දින හ`දුන්වා දීමට එරට රජය විසින් පියවර ගෙන ඇත. මෙම නව ප‍්‍රාදේශීය වීසා (Regional visa) ක‍්‍රමය හ`දුන්වා දීමත් සමඟම 491 සහ 494 යන වීසා උපකාණ්ඩ දෙක යටතේ මෙම වීසා නිකුත් කිරීමට ඔස්ටේ‍්‍රලියානු මධ්‍යම රජය සූදානම් බව එරට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කොට ඇත.
මෙම නව ප‍්‍රාදේශීය වීසා අදාළ වන්නේ ඔස්ටේ‍්‍රලියාවෙහි වාසය කිරීමට හා එරට සේවය කිරීමට බලාපොරොත්තු වන්නන්ට පමණක් බව හැ`දින්වීම නිවැරදිය. මෙහි දී වඩාත් වාසිදායක තත්ත්වය වන්නේ එරට සේවය කිරීමට පැමිණෙන්නන් ගේ පවුල්වල අයටද මෙම වීසා කාණ්ඩය යටතේ වීසා ලබාගෙන එරටට ඇතුළු වීමට අවස්ථාව සලසා දීමයි.
මෙහි දී 491 කාණ්ඩය යටතේ ප‍්‍රාදේශීය වීසා ස`දහා අයදුම් කරන්නකු විසින් ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රාදේශීය කලාපයක වාසය කිරීමට හා සේවය කිරීමට සුදුසුකම් ලැබූ පවුලේ සාමාජිකයකුගේ අනුග‍්‍රහය (Sponsor) මත මේ සදහා අයදුම් කළ හැකිය.
යමෙකු 494 වීසා කාණ්ඩය යටතේ අයදුම් කරන්නේ නම් ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රාදේශීය කලාපයක කි‍්‍රයාත්මක සේවායෝජකයෙකුගේ (Employer) අනුග‍්‍රහය මත අයදුම් කළ යුතුය.
මෙම නව ප‍්‍රාදේශීය වීසා ස`දහා ඔස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තය විවෘතව ඇති අතර ටස්මේනියාවද මෙම වීසා ස`දහා මේ වනවිට අවසර ලබා දී ඇත.
මෙහි දී වඩාත් වැදගත්ම කරුණ වන්නේ මෙම වීසා කාණ්ඩය යටතේ ඉතා දීර්ඝ රැකියා ලයිස්තුවක් යටතේ ඔස්ටේ‍්‍රලියාවට ඇතුළු වීමට අයදුම්කරුවන්ට අවස්ථාව සැලසීමයි. ඉන් කිහිපයක් ලෙස නර්තන ශිල්පීන්, නළු නිළියන් ගණකාධිකාරිවරුන්, ගුවන් නියමුවන්, කෘෂි කාර්මික ඉංජිනේරුවන්/ උපදේශකයන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, බේකරි ශිල්පීන්, නීතිවේදීන්, මාංශ වෙළෙන්දන්, ආපන ශාලා කළමනාකරුවන්, ළමුන් බලන්නන්, රසායන වේදීන්, කෝකිවරුන්, වඩු කාර්මිකයින්, සමාජ කි‍්‍රයාකාරීන්, ඇ`දුම් නිර්මාණ ශිල්පීන්, සමාගම් ලේකම්වරුන්, දන්ත වෛද්‍ය විශේෂඥයින්, අපරාධ පරීක්‍ෂකවරුන්, චිත‍්‍රපට අධ්‍යක්‍ෂක වරුන්, කිමිදුම් ශිල්පීන්, අධ්‍යාපනවේදීන්, ආර්ථික විශේෂඥයින්, විදුලි කාර්මිකයින්, ඉංජිනේරුවරුන්, පරිසරවේදීන්, මෝස්තර නිරූපණ ශිල්පීන්, ගිනි නිවන භටයන්, ශාරීරික ව්‍යයාම පුහුණු කරන්නන්, අවමංගල්‍ය අධ්‍යක්‍ෂවරුන්, ජිම්නාස්ටික් පුහුණුකරුවන්, හෝටල් කළමනාකරුවන්, අභ්‍යන්තර විගණන වේදීන්, විනිසුරුවන්, මාධ්‍යවේදීන්, පුස්තකාලයාධිපතිවරුන්, මහෙස්ත‍්‍රාත්වරුන්, රූපලාවන්‍ය ශිල්පීන්, වෛද්‍ය රසායනාගාර ශිල්පීන්, යාන්ති‍්‍රක ශිල්පීන්, යතුරුපැදි සාදන්නන්, සංගීත ශිල්පීන්, පෝෂණ වේදීන්, ජලනළ කාර්මිකයින්, පෙර පාසල් ගුරුවරුන්,මුද්‍රණ ශිල්පීන්, පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්,ගුවන් විදුලි නිවේදකයින්, හෙද හෙදියන්, ගායකයින්, මෘදුකාංග නිර්මාණකරුවන්, සොලිසිටර්වරුන්, කී‍්‍රඩා පුහුණුකරුවන් හා විනිසුරුවරුන්, ඉංගී‍්‍රසි ගුරුවරුන්, භාෂාවේදීන්, භාෂා පරිවර්තකයන්, විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරුන්, වයින් නිපැයුම්කරුවන් සහ සත්වෝද්‍යාන භාරකරුවන් යනුවෙන් දැක්වුවද මෙම ලිපිය තුළ සදහන් කිරීමට අපහසු තරම් දීර්ඝ රැකියා කාණ්ඩ ප‍්‍රමාණයක් මේ සමඟ දක්වා ඇත.
මෙම වඩාත් සිත්ගන්නාසුලූ අවස්ථාව හිමි වනුයේ මේ ස`දහා අයදුම් කරන්නන්ට බැවින් ඒ පිළිබ`දව ඉතා ඉක්මනින් කටයුතු කිරීම වැදගත්ය.මෙම රැකියා ලයිස්තුවෙහි බොහෝමයක් රැකියා ඇතුළත්ව ඇති අතර එම රැකියා ස`දහා වඩාත් නිවැරදිව හා ඉක්මනින්ම අයදුම් කිරීම කළ යුතුය.
මෙහිදී බොහෝ දෙනෙකු යම් රටක රැකියාවකට අයදුම් කිරීමේදී ඒ පිළිබ`දව ඇති රැකියා ඒජන්සි හා තැරැව් කරුවන්ගේ පිහිට පැතීම සිදු වේ.මෙය නොකරන්නැයි ඉල්ලා සිටීම අසාධාරණය. මන්ද මෙම වීසා ලබාගැනීමට අයැදුම් කරනු ලබන බොහෝ පිරිසකට මෙම වීසා ඇයදුම්පත් නිසියාකාරව පිරවීමේ හා එහි ඇති ක‍්‍රමවේදයන් පිළිබ`දව දැනුවත් නොමැති, එවැනි අවස්ථාවක දී නීත්‍යනුකූල රජයේ ලියාපදිංචි ඒජන්සි කරුවන්ගේ සහාය ලබාගැනීමේ වරදක් නැත. නමුත් යම් යම් අවස්ථාවලදී බොහෝ පිරිසක් නිකරුණේ සිය ධනය හා කාලය වංචාකරුවන්ට හසු වී නාස්ති කර ගනිති. එබැවින් ඉහත වීසා කාණ්ඩ යටතේ අයදුම් කිරීමේ දී ඒ පිළිබ`දව ඔස්ටේ‍්‍රලියානු රජයේ නිල වෙබ් පිටුවට පිවිසී තොරතුරු ලබා ගැනීම වැදගත්ය. පහත වෙබ් අඩවිය ම`ගින්ද මේ පිළිබ`ද වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.
Lttp://immi.homeaffairs.gov.au
-දිවයින පුවත්පත.
ලේසියෙන්ම ඔස්ටේ‍්‍රලියා යන්න අලූත් වීසා ක‍්‍රමයක් ඇවිත්.
Share This
Tags
# Hot Political
Share This
About Lanka News Click 24x7
Hot Political
Labels:
Hot Political
Subscribe to:
Post Comments (Atom)
Author Details
Templatesyard is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of templatesyard is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
No comments:
Post a Comment