නවකවදය සමාජවදයක් වෙන හැටි,"දැන්නමි අපිට කැමිපස් ටී ශර්ටි එකක් ඇදන් පාරේ බැහැලා යන්න බෑ." - Lanka News Click 24x7

නවකවදය සමාජවදයක් වෙන හැටි,"දැන්නමි අපිට කැමිපස් ටී ශර්ටි එකක් ඇදන් පාරේ බැහැලා යන්න බෑ."

Share This
පසුගියදා රුහුණ විශ්වවිද්‍යාලයේ නවක වදය සිදුවීම හා සම්බන්ධ වීඩියෝ පටයක් සමාජ ජාල මාධ්‍ය සමඟ ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතිය යළි කරලියට පැමිණියේ මේ වන තෙක් පවතින අඛණ්ඩ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනයේ උණුසුමද යටපත් කරමිනි. මේ සිදුවීමත් සමඟ අනාගත විශ්වවිද්‍යාල අපේක්ෂාවෙන් අධ්‍යනය කරනු ලබන දරුවන් සේම ඔවුන්ගේ දෙමාපියන් ද බියට පත් වූ අතර සරසවි සිසුන් දෙස වපරැුහින් බලන තත්ත්වයට සමාජය පත්ව ඇති බව කනින් කොනින් අසන්නට ලැබුණි.

 මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත්වන බහුතරයක් දරුවන් පහළ හෝ මධ්‍යම පාන්තික දරුවන් වෙයි. තමන්ට අහිමි වුණු අධ්‍යාපන වරප‍්‍රසාදයන් තම දරුවා හිමි කරගනු දැකීම සියලූ දෙමාපියන්ගේ අහිංසක බලාපොරොත්තුවක් වන අතර ඒ වෙනුවෙන් දිවා ? කැප වී ඔවුනොවුන් තම ජීවිතය දරුවන් වෙනුවෙන් උකසට තබා ඉහළම අධ්‍යාපනය ලබා දීමට උත්සාහ කරති. ලොව සෙසු රටවලට ද සාපේක්ෂව මෙරට අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ යනු අතිශය තරගකාරී විභාගයක් බව බොහෝ දෙනා දනිති. මෙරට බහුතරයක් දුප්පත් දරුවන්ගේ ජීවිතය ඒකාලෝක කරන ලද මාර්ගය බවට නිදහස් අධ්‍යාපන ක‍්‍රමයේ සරසවි පිවිසුම පත් වූ අතර එදා මෙදාතුර බහුතරයක් උගත් පුද්ගලයන් එම  ගමන් මාර්ගය ඔස්සේ ඉදිරියට ආ පිරිස වූහ.

 අතීතයේ සරසවි ශිෂ්‍යයාට සමාජයේ පැවති පිළිගැනීම වර්තමානය වන විට අහිමිව ගොස් ඇති අතර, මෑතකදී වාර්තා වූ නවකවද සිදුවීම සමඟ එය තවදුරටත් තහවුරු විය. බස් රථයකට ගොඩවන වඬේ කඩල විකුණන්නන්, පොත් විකුණන්නන් ආධාර ඉල්ලන්නන් තරම්වත් සැලකිල්ලක් කැට හොල්ලන සරසවි සිසුන්ට නොදක්වන අතර, මුන් මේ නවකවදය දෙන්න කුලී ගෙවල්වලට සල්ලි එකතු කරනවා, යැයි ද ඇතැමෙක් ඔය සල්ලි එකතු කරන්නෙ කොන්ඩම් ගන්න යනුවෙන් ද හාස්‍යයට ලක් කරන තත්ත්වයට පත්ව ඇත.

අලූතින් සරසවියට පැමිණෙන සිසුන්ව තම අණසකට යටත් කරවා ගැනීමේ කදිම උපක‍්‍රමයක් ලෙසට නවක වදය ජ්‍යෙෂ්ඨයන් සිදු කරන බව බලවත් විවේචනයකි. ඒ අනුව වාචිකව, මානසිකව, කායිකව විවිධ ක‍්‍රියාකාරකම් තුළින් බිය වද්දවා තමන්ට අවනත කණ්ඩායමක් බවට පත් කරනු ලබයි. මෙහි දී ද සියලූම දෙවන වසර දරුවන් මෙම ක‍්‍රියාව සිදු නොකරන බවත්, ශිෂ්‍ය සංගමවල යැයි කියා ගන්නා යම් කුඩා පිරිසක් මෙයට හවුල් වන බවත් බොහෝ දෙනා දනිති. ඒ අනුව සිය දේශපාලන මතවාදයන් නවක සිසුන්ගේ ඔළු තුළට ඇතුල් කිරීමට උත්සාහ දරනා එක්තරා දේශපාලන පක්ෂයක් මෙයට හවුල්වන බවත්, ඔවුන්ගේ සරසවි ජ්‍යෙෂ්ඨ ඉත්තන් මෙය වසරක් පාසා අඛණ්ඩ ක‍්‍රියාවලියක් ලෙස බලපවත්වන බවත් බොහෝ දෙනා දන්නා කරුණක් බවට පත්ව ඇත. සරසවියේ දී මෙයට ‘තෙල බෙදීම’ ලෙස ව්‍යවහර වෙයි. එහි අදහස එක් පිරිසකගේ යම් අදහස්, මතවාදයන් තවත් පිරිසකට උගැන්වීමයි. තෙල බෙදනා ස්ථාන ද එක් එක් විශ්වවිද්‍යාලයන්ගෙන් විශ්වවිද්‍යාලයන්ට වෙනස් වෙයි. ජයවර්ධනපුරේ නම් ‘තෙල් බැම්ම’ සහ කස ගස් සෙවණ එවැනි විශේෂ ස්ථාන වෙයි. අනෙකුත් විශ්වවිද්‍යාලවල ද ඒ ඒ නම්වලින් විවිධ උප සංස්කෘතීන් පවතියි.විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ වාර්තා අනුව මෙම වසර දෙක තුළ ලියාපදිංචි වූ නවක සිසුන් 1989 දෙනකු පමණ විශ්වවිද්‍යාලය හැර ගොස් ඇති බව පසුගිය දා රුහුණ විශ්වවිද්‍යාල උප කුලපතිවරයා විසින් මාධ්‍ය මඟින් හෙළිදරව් කරන ලදි. කෙසේ නමුත් මෙරට නෛතික ප‍්‍රතිපාදන අනුව අධ්‍යාපන ආයතනයක් තුළ සිදු කෙරෙන නවකවදය හිංසනය තහනම් වූවකි. එයට එරෙහිව තර්ජිත පුද්ගලයාට අධිකරණයේ පිහිට පැතිය හැකිය. ඒ 1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවකවදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක‍්‍රියා තහනම් කිරීමේ පනත, ප‍්‍රකාරවය. ඒ අනුව නවක සිසුන් වෙත සිදු කරනු ලබන කායික හිංසනයන් පමණක් නොව වාචිකව හෝ මානසිකව සිදු කරනු ලබන අවහිරයන්වලටල බාධා කිරීම්වලට ද එදිරිව අධිකරණයේ පිහිට පැතිය හැකිය.

 නමුත් අවාසනාවකට කරුණ වන්නේ, තමන්ට හිමි අයිතිවාසිකම් පිළිබඳ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම ඔවුනගේ දෙමාපියන් ද නොදැනුවත් වීමයි. එමෙන්ම සමාජයේ පුරවැසියෙකු ලෙසත් උගත් සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලෙසත් තමන්ගෙන් සිදු නොවිය යුතු ක‍්‍රියාවන් නැතහොත් නීති විරෝධී ක‍්‍රියාවන් පිළිබඳව ජ්‍යෙෂ්ඨ සරසවි ශිෂ්‍ය ප‍්‍රජාවද නොදැන සිටීමය. ඇතැම් විට දැන සිටියද එය ගණන් නොගෙන සිටීමය. උක්ත පනත ප‍්‍රකාරව වරදක් කළ ශිෂ්‍යයන්ට එදිරිව මහෙස්ත‍්‍රාත් වරයෙකු ඉදිරියේ පවත්වන ලද ලඝු නඩු විභාගයකින් අනතුරුව වසර 07 දක්වා බරපතළ වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීමට හැකි වෙයි.

නමුත් බහුතරයක් නවක දරුවන් තමන්ට සිදුවන හිංසනයන් පිළිබඳව අනාවරණය නොකරන තත්ත්වයට පත්ව ඇති අතර, එය වක‍්‍රාකාරයෙන් මෙම තත්ත්වයට උල්පන්දම් දීමකි. ඇතැමෙක් ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ තර්ජනයට බියෙන් නිහඬ වෙති. ඇතැමෙක් තමන්ව තම කණ්ඩායමෙන්ම කොන් වේ යැයි බියෙන් නිහඬ වෙති. බොහොමයක් සරසවිවල නවකවදයට පක්ෂ කණ්ඩායම :ඍ්ට* සහ විපක්ෂ කණ්ඩායම් :්බඑස-ර්ට* ලෙස දෙපිරිසක් වෙයි. රැුග් කණ්ඩායම සුපුරුදු පරිදි සිය අභිමාතාර්ථ බල පවත්වන අතර එයට අනුගතවන සිසුන් රැුග් වීම සිදු වෙයි. යම් නවකයෙකු ්බඑස-ර්ට කණ්ඩායමට එකතු වූ විට ඔවුනට නිදහසක් ලැබෙන නමුත් ශිෂ්‍ය ප‍්‍රජාව අතර හුදෙකලා වීමක් ඇති කරයි. සරසවි භාෂාවෙන් දක්වනාවා නම් එය අල කිරීම, ලෙස හඳුන්වන අතර, එවැනි සිසුන්ව අලයා, ලෙස හඳුන්වයි.

 යම් අධ්‍යනාංශයක් බහුතරයක් සිසුන් ‘අල’ නම් ඒ කියන්නේ ප‍්‍රථම වසරේ දී ම මෙම ක‍්‍රියාවලියෙන් මිදී පාඩුවේ ඉගෙනුම පමණක් කරන්නවුන් සිටී නම් එවැනි අධ්‍යනාංශයන් ‘අල ඩිපාර්ට්මන්ට්’ ලෙස හඳුන්වයි. ඔවුන්ව විශ්වවිද්‍යාලය හා බැඳුණු වෙනත් ශිෂ්‍ය ක‍්‍රියාකාරකම්වලට බඳවා නොගන්නා අතර, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යන් විසින් ‘අලයන්ව’ කොන් කිරීමේ විෂ බීජය නව කණ්ඩායමට ද උගන්වයි. ඒ අනුව තමන් සරසවි ප‍්‍රජාවෙන් ප‍්‍රතික්ෂේප වේ යැයි බියෙන් රැුග් ඉවසා දරා ගැනීමට අකැමැත්තෙන් වුවද කටයුතු කිරීමට නවක ශිෂ්‍යා පෙළඹෙයි. කෙසේ නමුත් ඇතැම් විශ්වවිද්‍යාලයන්හී වර්තමානය වන විට මේ තත්ත්වය අවමව ගොස් ඇත.

 රැුග් කිරීමද විශ්වවිද්‍යාලයන්ගෙන් විශ්වවිද්‍යාලයන්ට විවිධාකරය. ඇතැම් විට එය එක් එක් කාලයන් අනුව ද වෙනස් වෙයි. අප විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අවධියෙහි දී එක් ආචාර්යවරයෙකුු පැවසුවේ ‘‘අපි ඉගෙන ගන්න කාලෙ කෙළින්ම තිබ්බේ හමුදා ටේ‍්‍රනිං මයි. දණ ගාගෙන යන්න, වැලි බොරළු ගොඬේ දණ ගස්සවා ඇවිද්දවීම වගේ ඒවා’’ කියාය. ඒ මීට අවුරුදු 30 40 කට පෙර තත්ත්වයයි.

 විශ්වවිද්‍යාල නවක වදයේ දී අවධානය යොමුවන කණ්ඩායම වන්නේ ප‍්‍රථම වසර නවක සිසුන් සහ දෙවන වසර ජ්‍යෙෂ්ඨයන්ය. ජ්‍යෙෂ්ඨ සිසුන් නැතහොත් ‘සීනියර්ස්ලා’ව සරසවිය තුළ ‘ජ්‍යෙෂ්ඨ උත්තමයන්/උත්තමාවියන්’ ලෙස හඳුනා ගන්නා අතර නවක සිසුන් ද ඔවුන්ව ඇමතිය යුත්තේ එනමිනි. තෙවන හා සිව්වන වසර සිසුහු ‘සුපර් සීනියර්ස්ලා’ වෙති. ඔවුන් මෙහිදී තරමක් දුරස්ථ වන්නේ එම වසරවල දී තරමක් කාර්ය බහුලවන හෙයිනි. නමුත් තමන්ට පහළින් සිටින දෙවන වසර සිසුන් වෙත බලය යොදවා රැුග් ඇතුළු සියල්ල අඛණ්ඩව පවත්වා ගෙන යෑමට අණ කිරීම සිදු කරයි.
  

කෙසේ නමුත් මෙම ක‍්‍රියාවලියට නවකයන් අවනත කරවා ගැනීමේ උපක‍්‍රමයක් ලෙස ඔවුහු විසින් නවකයන් වෙත බලය යෙදවීම සිදු කරති. එහි දී විශ්වවිද්‍යාල උප සංස්කෘතිය උගන්වන මුවාවෙන් බලය යොදවයි. නමුත් ජ්‍යෙෂ්ඨයන්ට අනුව බැජ් එක තුළ සුහදතාව වර්ධනය කිරීම සඳහා නැතහොත් ‘බැජ් ෆිට්’ එක ඇති කිරීමට මේවා සිදු කරන බවය. ඒ අනුව නවකවදයේ හිංසාකාරීත්වය ආවරණය කර යහපත් එකක් ලෙසට සාධාරණීකරණය කිරීමක් කරයි. නමුත් සත්‍ය නම් ඔය කියන බැජ් ෆිට් එකක් නොමැති බව නවකයන්ට සේම ජ්‍යෙෂ්ඨයනට ද අවබෝධ වන්නේ අවසන් වසරට පැමිණි පසුවය.


 තෙල බෙදීමේ දී ද විවිධ වේලාවන් ඒ සඳහා යොදා ගනියි. බොහෝ විට කෑම පැය වන දහවල් 12 ත් 1 ත් අතර කාලය මේ සඳහා යොදා ගන්නේ උප සංස්කෘතිය උගන්වන වේලාව කියාය. ඒ අනුව උදෑසන දේශන අවසන් වූ ප‍්‍රථම වසර සිසුන්ට කෑම පැය අහිමිවන අතර කුසගින්නේ සිටිමින් ඊළඟ දේශන වාරයට යොමු වීමට සිදු වෙයි. ඒ අනුව බොහෝ දරුවන් ඉන් පීඩාවට පත්වන ක්ලාන්තය, ගැස්ට‍්‍රයිටීස් රෝගවලට ගොදුරු වෙති. ඇතැම් දරුවන් එක් දේශනයක් අවසන් වී ඊළඟ දේශන වාරයට සහභාගි වීමට යන අතරමඟ දී එය අවහිර කරවා තෙල බෙදීම හෝ රැුග් කිරීම සිදු කරයි. ඒ හේතුවෙන් නවක දරුවන්ට දේශනවලට ප‍්‍රමාද වී යෑමට හෝ අහිමිවීම සිදු වෙයි. ඇතැම් දරුවන් ඔවුන්ගේ නොසරුප් වදන්වලින් දැඩි මානසික පීඩනයකට පත්වන අතර, අධි සංවේදී දරුවන් ක්ලාන්ත වීම, අධික බියකට පත් වීම සිදු වෙයි.

 කෙසේ නමුත් ඇතැම් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් නව්‍යකරණයේ මුවාවෙන් නවකයන් වෙත බලය යොදවා අවනත කරවා ගෙන සිය ලිංගික අවශ්‍යතා සපුරා ගන්නා බවට මෑත කාලයේ සිදුවීම තුළින් අනාවරණය විය. මෙම ලිංගික නවකවද ක‍්‍රියාවන් ද විශ්ව විද්‍යාලයන්ගෙන් විශ්ව විද්‍යාලයන්ට විවිධාකාර නම්වලින් හඳුන්වයි. එක් විශ්ව විද්‍යාලයක නේවාසිකාගාරයට ඇතුළත්වන නවක සිසුවාට ප‍්‍රථම දිනයේදීම ඇඳ අහිමි වෙයි. එහි නිදන්නේ ජ්‍යෙෂ්ඨයාය. නවක සිසුන් සියලූ දෙනාම නිරුවත් කර ඇඳ යටට රිංගවන අතර එකා පිට එකා ලැගගෙන ගුලි වී සීතලේ නින්දත් නොනින්දත් අතර සිටීමට ඔවුනට සිදු වෙයි. ඔවුන් එය හඳුන්වන්නේ ‘ෆ‍්‍රිජ් එකේ දැමීම’ කියාය. තවත් විශ්වවිද්‍යාලයක ‘මනෝ පුටුවේ ඉඳ ගැනීම’ ලෙස නිරුවත් කර පුටුවක හිඳ ගන්නා ආකාරයට බොහෝ වෙලාවක් රඟ දැක්වීමට අණ කරයි. මෙහිදී ඇතැම් දරුවන් අතිශය පීඩාවට පත්වන අතර, ක්ලාන්තය, අපස්මාරය වැනි අසනීපයන්ට ලක් වෙයි.

 ඇතැම් විශ්වවිද්‍යාලවල කාන්තා නේවාසිකාගාරයන් තුළද මෙම තත්ත්වය පැවති අතර පේරාදෙණියේ සහ රුහුණ විශ්වවිද්‍යාල එහේදී වඩාත් අවධානයකට යොමු වූයේ නවක වද සිදු වීම වාර්තා වීමත් සමඟය. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් විසින් සිදු කරනු ලබන ලිංගික හිංසනයන් පිළිබඳව පසුගිය දෙසතිය තුළ වඩාත් සමාජ ජාලා මාධ්‍ය මඟින් අනාවරණය වූ අතර, ඒ අනුව සරසවි ශිෂ්‍ය සමාජය තුළින් ප‍්‍රතික්ෂේප වන්නට කරුණු නිර්මාණය විය. මේ වනවිට අවසන් වසර ඉගෙනුම ලබන එක්තරා විශ්වවිද්‍යාලයක ශිෂ්‍යාවක් මා සමඟ පැවසුවේ, ’’ අක්කේ.. දැන්නම් අපිට කැම්පස් ටී එකක් ඇදන් පාරෙ බැහැල යන්න බැහැ. මිනිසුන් එකේක කතා කියනවා. ඉස්සර අපි

 ගමේ යනකොට හරිම ආසාවෙන් කැම්පස් ටී ෂර්ට් ඇඳන් යා. දැන් බයයි මිනිසුන් කොයි මොහොතක හරි ගහයි කියලා...’’ යනුවෙනි. ඇය කිසිදු වසරක නවක වදයට සහභාගි නොවන්නියක් වූ අතර එය හෙළා දකින්නියකි. නමුත් එක්තරා පිරිසකගේ වරද හේතු කොට ගෙන එයට සහභාගි නොවන ශිෂ්‍ය ප‍්‍රජාව ද මෙලෙස හිංසනයට පත්වන අතර, ඔවුන් ද්වීතීක වින්දිතයන් බවට පත් වෙයි.

 සමහරක් දරුවන් කැන්ටිම තුළ දී වින්දිතයන් බවට පත් වෙයි. බොහෝවිට පිරිසක් සමඟ යෑමේ දී එම තත්ත්වය දරුණුවන බව එක් දරුවෙකු මා සමඟ පවසන ලදි. සරසවි කැන්ටිමේදී කවුරුත් පෝලිමට යා යුතුය. පෝලිම පනිනවාට ‘ඉබ්බා ගසනවා’ යැයි කියයි. නවක සිසුන් පෝළිමේ යන විට ජ්‍යෙෂ්ඨයන් ඉබ්බා ගැසීම ලෙසටම කරන අතර නවකයන් ද එය නිහඬව දරා ගන්නේ රැුග් කරාවි යැයි යන බියෙනි.

 ඇතැම් ජ්‍යෙෂ්ඨ සිසුන් නවකවදය තුළින් සරසවිය තුළ සහකාරියක නැතහොත් ‘‘කොක්කක්’’ සොයා ගන්නට ද කටයුතු කරයි. තමන් ‘‘ට‍්‍රයි කරන කොක්කගේ ගණන් බැස්සවීම’’ ටත් හඳුනා ගැනීමටත් සිය සගයන් ලවා නවකවදය දෙන අතර, අනතුරුව ඉන් බේරා ගැනීමට පැමිණිය බව හඟවමින් මිතුරු වෙයි. සරසවියේ දී බහුතරයක් ‘‘කොක්කව’’ ගෙදර නොගියන අතර ගේට්ටුවේ රඳවා යයි. නමුත් බොහොමයක් දැරියන්ට එය වැටහෙන්නේ පසුව වීම

 කනගාටුවට කරුණකි. සරසවියට පැමිණෙන නවක සිසුන් කණ්ඩායම ‘‘නැවක්’’ ලෙස ද පසුව පැමිණෙන කුඩා කණ්ඩායම් ‘‘බෝට්ටුව’’ ලෙසද හඳුන්වයි. ඇතැම් ජ්‍යෙෂ්ඨයින් අලූත් නැව ඉදිරියේ ‘‘පොරක්’’ වීමට ද මෙසේ බලය යොදයි. ඔවුන් ඉදිරියේ උස් හඬින් කතා කිරීම, අසභ්‍ය වචන භාවිත කිරීම තුළ තමන් බලය ඇත්තවුන් ලෙස මවා පාන අතර, නවකයන් ද එය සත්‍යයක් ලෙස පිළි ගනියි.

 මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වන්නේ උගතුන් බව අප දන්නා කරුණකි. එම දරුවන්ගෙන් බහුතරයක් දුෂ්කර ගම්වලින් පැමිණෙන්නන් ය. සත්‍ය වශයෙන්ම ඔවුන්ව සමාජානුයෝජනය කිරීමට අවැසි නම් එය නවක වදයෙන් තොරව මිත‍්‍ර සබඳතා මඟින් සිදු කළ හැකිය. අවශ්‍ය නම් සුළු ක‍්‍රියාකාරකමක් සිදු කරන්නට පැවසිය හැකිය. නමුත් එය කිසිදු විටෙක ශරීරය අපහසු කරවන කායික, මානසික හෝ ලිංගික හිංසනයන්ගෙන් ව්‍යුක්ත විය යුතුය.

 විශ්වවිද්‍යාල පද්ධතිය මෙලෙස උගතුන්ගේ වද කඳවුරු බවට පත් වීම පෙරළා සමාජයට සහ රටට අනිසි විපාක ගෙන දෙයි. කායික හෝ ලිංගික අපයෝජනයන්ට ලක්වන දරුවන් කෙටි කාලීනව සහ දිගු කාලීනව මානසික ගැටලූවලට සහ පෞරුෂ ආබාධයනට ලක්වන බව මනෝ වෛද්‍යවරුන්ගේ අත්දැකීම්ය. 2015 පෙබරවාරි 16 දින සබරගමුව විශ්වවිද්‍යාලයේ අමාෂි චතුරිකා දැරිය නවක වදයේ දැඩි මානසික පීඩනයෙන් සිය දිවි නසා ගත් බව හෙළිදරව් විය. 1975 වර්ෂයේ දී පේරාදෙණිය සරසවියේ ?පා රත්නසීලි මෙනවිය ලිංගික හිංසනයට බියෙන් නේවාසිකාගාරයේ ඉහළ මාලයෙන් බිමට පැන ආබාධිත විය. පසුව ඇය 1997 දී එහි මානසික පීඩනය මත රෝද පුටුවෙන්ම ළිඳට පැන සිය දිවි නසා ගත්තාය.

 තවද උගතුන් විශ්වවිද්‍යාල අතැර යෑම රටට විශාල පාඩුවකි. එය උගතුන්ගේ බුද්ධි ගලනයට හා සමාන තත්ත්වයකි. හෘදය සංවේදී දරුවන් වෙනුවට සමාජයට වෛර කරන සහ පළි ගන්නා පුද්ගලයන් බිහි වෙයි. බොහෝ ජ්‍යෙෂ්ඨයින් ‘‘අපි කාපු කට්ට උඹලත් කන්න ඕනි’’ යන හැඟීමෙන් මෙවැනි ක‍්‍රියාවන් සිදු කරයි.

 එක්තරා මවක් මා සමඟ පැවසුවේ ‘‘දුවේ කොච්චර

 ඉගැන්නුවත් මට නම් මගේ දරුවව විශ්වවිද්‍යාලයට එවන්නට බය’’ බවයි. නිදහස් අධ්‍යාපනය රැුක ගැනීමට අරගල කරන සරසවි පරපුරම තම සහෝදර ප‍්‍රජාවගේ නිදහස් අධ්‍යාපනයට බාධා පමුණුවා ඔවුන් විශ්වවිද්‍යාලය හැර යන තත්ත්වයකට පත් කර නිදහස් අධ්‍යාපනය රැුක ගැනීමට රජයට බලකිරීම විහිළුවක් වනු ඇත. වර්තමානය වන විට සරසවි සිසුන් දෙස සමාජය තුළ ගොඩ නැගී ඇති අයහපත් ප‍්‍රතිරූපය වෙනස් කල හැක්කේ ද ඔවුන්ටමයි. ඒ මානව දයාවෙන් යුතු ශිෂ්‍ය ප‍්‍රජාවක් බව ඉදිරියට හෝ කටයුතු කිරීමෙන් පමණි.

 රූත් දිල්රුක්ෂි
 අපරාධ විද්‍යාව විශේෂ උපාධි
 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
-දිවයින පුවත්පත.

No comments:

Post a Comment

Pages