නව ජනාධිපතිවරයා සහ රජය පත්වී සති හතරක් ගතව ඇතත් තවමත් ආයතන ප්‍රධානීන් පත් කිරීමේ ප්‍රමාදයන් නිසා බොහෝ තීරණ ගැනීමට ප්‍රමාදයන් පවතී. රටේ සාමාන්‍ය ජනතාවට ලබා දෙන සහන මල්ල ලබාදීමට නියමිතව ඇත්තේ 2020 ජනවාරි පළමු වැනිදා සිටය. 2019 වසරේ අවසන් සති දෙකේ රටේ බොහෝ දේශපාලනඥයන්, ඉහළ නිලධාරීන් විදේශ ගත වන බැවින් ඉදිරි සති දෙකේ රටේ ප්‍රධාන කටයුතු සිදුවෙතැයි අපේක්ෂා කළ නොහැක.
ඇමැති කාර්ය මණ්ඩලවලට පවුලේ අය තහනම්
ආණ්ඩුව නියෝජනය කරන ඇමැතිවරුන්ගේ කාර්ය මණ්ඩල සඳහා පවුලේ සාමාජිකයන් කිසිවකු බඳවා නොගන්නා
ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දන්වා තිබේ. මෙය ඉතාම යහපත් ප්රවණතාවකි.
ජනාධිපතිවරයාද සිය කාර්ය මණ්ඩලය සඳහා පවුලේ සාමාජිකයන් කිසිවකු බඳවා ගෙන නැත.
ඇමැතිවරයකුගේ පවුලේ සාමාජිකයන් එම තනතුරු වල සිටින විට ජනතාවට මෙන්ම ඒ ඒ ආයතනවල සේවක සේවිකාවන්ට පවා ඇමැතිවරුන් හමුවීමට නොහැක. මේ නිසා විශාල දුරස්ථ භාවයක් ගොඩනැගේ.
එසේම ඇමැතිවරුන් තමන් යටතේ ඇති රාජ්‍ය ආයතනවල සභාපති තනතුරු හෝ ප්‍රධාන තනතුරුවලට තම පවුලේ සාමාජිකයන් පත් නොකරන්නේ නම් වඩා හොඳය. පසුගිය කාලයේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හා එහි ගබඩා සංකීරණ ආයතනය යන දෙකටම ඇමැති සහෝදරයෙකු පත් කිරීම නිසා රටේ පෙට්‍රල් හිඟයක් පවා ඇති විය. මේ තත්ත්වය රටේ දියුණුවට බාධාවක් නිසා පිටස්තර පුද්ගලයන් එම තනතුරු වලට පත් කිරීම වඩා සුදුසුය.
මේ අතර රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සඳහා නව වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව එම තනතුරුවලට මෙතෙක් ගෙවූ ඉහළ වැටුප් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ඇත. රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු ආයතනවල සභාපති, අධ්යක්ෂ ජනරාල් ඇතුළු ඉහළ තනතුරු සඳහා මෙතෙක් සීමාව ඉක්මවා ඉහළ වැටුප් ගෙවා තිබේ.
රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට පුද්ගලයන් පත් කිරීම බොහෝ විට දේශපාලන හිතවත්කම් මත සිදු කෙරෙන අතර, එලෙස පත්වූ ඇතැම් නිලධාරීන්ට ඉහළ වැටුප් සහ වෙනත් දීමනා ගණනාවක් ලබා ගෙන තිබේ. මෙවැනි ඉහළ වැටුප් ලැබූ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වැටුප් අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනටමත් පියවර ගෙන ඇති අතර, ඒ අනුව මෙතෙක් මිලියන ගණනක වැටුප් හා දීමනා ලැබූ එක්තරා රාජ්‍ය ආයතනයක සභාපතිවරයාගේ වැටුප රුපියල් 2,50,000 දක්වා අඩු කර ඇත. එසේම සභාපතිවරුන් සඳහා නිල බලයෙන් අධ්යක්ෂ මණ්ඩල තනතුරු හිමිවන අවස්ථාවල ඒ අමතර අධ්යක්ෂ තනතුරු සඳහා දීමනා ඉවත් කළ යුතුය.
රථ ගායට තිත
එසේම එම තනතුරු සඳහා වාහනද සීමා කළ යුතුය. රජයේ වාහන වලින් දරුවන් පාසල් රැුගෙන යෑම, බිරින්දෑවරුන්ගේ භාවිතයට රජයේ වාහන ලබාදීම වැළැක්වීම සඳහා පියවර ගන්නේ නම් විශාල මුදලක් රජයට ඉතිරි වනු ඇත. කොළඹ හා ප්‍රධාන නගරවල ජනප්‍රිය පාසල් අසල රජයේ වාහන පැය ගණන් නතර කර තිබෙනු දැකිය හැක. මේවා පරීක්ෂා කළේ නම් එලෙස භාවිත කරන නිලධාරීන් කවුදැයි පහසුවෙන් බලා ගත හැක. පොලිසියේ හා ත්‍රිවිධ හමුදා වාහන මෙහිදී පාසල් අතර විශාල ලෙස දැකිය හැක.
උගතුන් ප්‍රයෝගික වේද?
රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට සුදුසුකම්ලත් පුද්ගලයන් පමණක් පත්කිරීමට නව ආණ්ඩුව තීරණය කර ඇති අතර, එම තනතුරුවලට පත් කෙරෙන පුද්ගලයන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් ද පත් කර ඇත. එහෙත් මේ ප්‍රධාන තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේදී ඔවුන් කොතෙක් දුරට ප්‍රයෝගික පුද්ගලයන්ද යන්න සොයා බැලිය යුතුය. උගතුන් වූ පමණින් අඩුම තරමින් තේ කඩයක් වත් පවත්වා ගෙන යෑමට වත් පළපුරුද්දක් නැති පුද්ගලයන්ට රටේ ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන භාර දුනහොත් ඒවා අසාර්ථක වීමට ඉඩ තිබේ. අපේ රටේ පසුගිය කාලයේ පාර්ලිමේන්තුවට පත් කළ ඇතැම් උගතුන්ගෙන් රටට මෙලෝ වැඩක් වූයේ නැත. එම නිසා මේ කටයුතු ඉතාම ප්‍රවේශමෙන් කළ යුතුව තිබේ. බොහෝ විට මෙවැනි උගතුන් එක අයකු බැගින් අධ්යක්ෂ මණ්ඩල වලට පත් කිරීමේ වරදක් නොමැත.
වගකිව යුතු තනතුරු වලට සුදුසන්ගේ අවශ්‍යතාවය
මේ අතර ඉදිරි මහා මැතිවරණය සඳහා තරග කරන අයට සංස්ථා හා රාජ්‍ය ආයතන තනතුරු ලබා නොදෙන බවද පැවසේ. මෙය එතරම් යහපත් තීරණයක් නොවේ. එම ආයතන පවත්වා ගෙන යෑමේ මනා පළපුරුද්දක් ඇති පිරිස් සඳහා අවස්ථාව ලබා දිය යුතුය. මහා මැතිවරණයට තවත් මාස පහක පමණ කාලයක් තිබේ. එතෙක් මේ රජය ආයතන පවත්වා ගෙන යා යුතුය. ඒවා අසාර්ථක වුවහොත් එය ඍජුවම ඉදිරි මහා මැතිවරණයට බලපායි. එසේම ඇතැම් ආයතනවලට පත් කර ඇති ඇතැමුන් සම්බන්ධයෙන් බරපතළ විවේචන පවතී. මේ නිසා සුදුස්සන් අදාළ තනතුරුවලට පත් කරන්නේදැයි ජනතාව බල සිටිති.
වියත්මග හා එළිය වැඩසටහන් සමග සම්බන්ධ වූ වෘත්තිකයන් කිහිප දෙනෙක්ම මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව සඳහන් වේ.
මේ අතර වෘත්තිකයන් වන ආචාර්ය චරිත හේරත්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද මහාචාර්ය චන්න ජයසුමන අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්ද, ආචාර්ය නාලක ගොඩහේවා ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද, රියර් අද්මිරාල් සරත් වීරසේකර කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වන බව සඳහන්ය.
මෝල් හිමියන්ට රැුවටුණු රජයේ නිලධාරීන්
රටේ සහල් මිල විශාල ලෙස ඉහළ ගොස් තිබේ. මේ අතර එය වහාම පහළ හෙළීම සඳහා පාලන මිල ක්‍රියාත්මක කරනු වෙනුවට රජය එම මිල ඉහළ දැමීම නීත්‍යනුකූල කර තිබේ. මෙහිදී මෝල් හිමියන් රජයේ ඉහළ නිලධාරීන් අන්දවා තිබේ.
ඒ අනුව මහා පරිමාණ මෝල් හිමියන්ගේ අවශ්‍යතාව පරිදි සහල් කිලෝවක් සඳහා ඉතා ඉහළ උපරිම සිල්ලර මිලක් නියම කර ඇති අතර ඒ අනුව නාඩු සහල් කිලෝවක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 98 ක් දක්වාද ,සම්බා සහල් කිලෝවක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 99 ක් දක්වා ද වැඩි කර තිබේ.
මේ නිසා මහා පරිමාණ හාල් මෝල් හිමියන් පසුගිය අපේ‍්‍රල් මාසයේදී රුපියල් 32 සිට රුපියල් 35 දක්වා මිල ගණන් වලට ගොවීන්ගෙන් මිලදී ගෙන තිබෙන වී තොග සහල් බවට පත්කර විශාල ලාභයක් හිමි කර ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබී තිබේ.
පාරිභෝගික අධිකාරිය මගින් පසුගිය මැයි මස 30 වැනිදා සිට සහල් සඳහා පාලන මිලක් නියම කර ගැසට් පත්‍රයක් නිකුත් කර තිබූ අතර එම ගැසට් පත්‍රයට අනුව සම්බා රුපියල් 85 ක්, නාඩු රුපියල් 80 ක්, රතු නාඩු රුපියල් 74 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබිණි. එසේ තිබියදී නාඩු සඳහා රුපියල් 98 ක් හා සම්බා සඳහා රුපියල් 99 ක් ලෙස මිල තීරණය කිරීම මගින් මහා පරිමාණ සහල් මෝල් හිමියන් අධික ලාභයක් ගෙන දෙන කටයුත්තකි. මේ තීරණ ගන්නා නිලධාරීන් හට සහල් මිල සම්බන්ධයෙන් හෝ ජනතා ප්‍රශ්න ගැන කිසිදු දැනුමක් හෝ හැඟීමක් නොමැත. අපේ රටේ උගතුන් හා බුද්ධිමතුන් මෙන්ම ඉහළ රජයේ නිලධාරීන් බොහෝ දෙනකුට ඇති ගැටලූව මෙයයි. ප්‍රවාහනය සෞඛ්‍ය අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර වලද මේ ප්රශ්නය බරපතළය. මේවා ගැන ශීත කාමරවල සිට තීරණ ගන්නා නිලධාරීන්ට එදිනෙදා ජනතාව මුහුණ දෙන ගැටලූ ගැන කිසිදු අවබෝධයක් නැත.
තිරිඟු? පිටි බදු අඩු කෙරේ....බේකරි ආහාර වලටත් මිල පාලනයක් ඕනෑ
මේ අතර තිරිඟු පිටි මිල අඩුකිරීම සඳහා දැනට තිරිඟු පිටි මත පනවා ඇති ආනයන බදු අඩු කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ප්‍රීමා සහ සෙරෙන්ඩිබ් යන සමාගම් මේ බදු නිසා අධික ලාභ ලබන අතර තිරිඟු පිටි මිල සිත්සේ පාලනය කරති. බදු අඩු කිරීම නිසා සෙසු ව්‍යාපාරිකයන්ටද තිරිඟු පිටි ආනයනයට අවස්ථාව ලැබේ. එසේම මේ මිල අඩු කරන අතරම බේකරි නිෂ්පාදන සඳහා දැඩි මිල පාලනයක් ඇති කළ යුතුය. බේකරි ආහාර සඳහා නිෂ්පාදන වියදම මෙන් හතර පස් ගුණයක ලාභ ලබමින් මහාපරිමාණ සුපිරි බේකරි හිමියන් කීපදෙනකු අධික ලාභ ලබමින් හතු පිපෙන්නාක් මෙන් රටපුරා තම ශාඛා විවෘත කරමින් සිටින්නේ සාධාරණ මිලට ආහාර විකුණන කුඩා බේකරි වසා දැමෙන ආකාරයටය. එම නිසා වහාම බේකරි ආහාර හා විවිධ වර්ගයේ පාන් සඳහා වහාම මිල පාලනයක් ඇති කළ යුතුය.
මෛත්‍රීගේ සහාය ගෝඨාභයට
ඉදිරි මහා මැතිවරණයේ දී නව රජයට තුනෙන් දෙකක බලයක් ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී ක්‍රියාකළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ආසන සංවිධායකවරුන්ගේ ප්‍රගති සමාලෝචන හමුවේදී සඳහන් කර තිබේ.
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට සංවර්ධනය කර සෞභාග්‍යමත් රටක් ගොඩනැගීමට ඉදිරි මහා මැතිවරණයෙන් පත්වන ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් හිමිකර දිය යුතු බවද හිටපු ජනාධිපතිවරයා පවසා ඇත.
එක්සත් ජාතික පක්ෂය පොදු සන්ධානයකින් මහා මැතිවරණයට
මේ අතර ඉදිරි මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය පොදු සන්ධානයක් ලෙස තරග කරන බවත් ඡුන්ද ලකුණ සහ අනෙකුත් කාරණා පිළිබඳ සෙසු පක්ෂ සමඟ සාකච්ඡුා කර තීන්දුවක් ගන්නා බවත් ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.
මෙම පොදු සන්ධානය සඳහා ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කැපවෙන සියලූ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වලට විවෘත ආරාධනාවක් කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ එහි තීරණාත්මක සාධකයක් වනු ඇති බවත්, ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කැපවෙන සියලූ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් එක තැනකට ගෙන එකම ලකුණක් යටතේ ශ්‍රී ලාංකික අනන්‍යතාව මුල් කරගත් රජයක් එක්සත් ජාතික පක්ෂය මූලිකත්වයෙන් බිහිකරන බවත් වජිර අබේවර්ධන මහතා පවසා තිබේ.
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් තවමත් කිසිවක් ප්‍රකාශ කර නොමැත. එහෙත් පසුගිය කාලය තුළ මෙම පාර්ශ්ව යම් යම් එකඟතා අනුව කටයුතු කර ඇති නිසා එවැන්නකට ඉඩක් තිබේ. එහෙත් එසේ වුවහොත් දෙපාර්ශ්වය මුහුණ දෙන විශාලතම ගැටලූව වන්නේ මන්ත්‍රී ධුර සංඛ්‍යාවන් බෙදා ගැනීමයි.
මේ අතර සිංහල බෞද්ධ ඡුන්ද පදනම දිනාගනිමින් පක්ෂයේ මුහුණුවර නවීකරණය කළ යුතු ආකාරය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය පත්කළ කමිටුව ලබන සතියේදී එක්සත් ජාතික පකෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතය.
මෙම කමිටුව හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, හිටපු අමාත්‍යවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, වජිර අබේවර්ධන, මලික් සමරවික්‍රම, තලතා අතුකෝරල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වේ.
එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ විද්වතුන්, වෘත්තීයවේදීන්, තරුණ සහ කාන්තා සංවිධාන, බල මණ්ඩල ඇතුළු සියලූ පාර්ශ්ව සමග පසුගිය දිනවල එම කමිටුව සාකච්ඡුා පැවැත්වීය. මෙම කමිටුවට පැවරෙන ප්‍රධාන කාර්යය වන්නේ ඉදිරි මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නව මුහුණුවර සකස් විය යුතු ආකාරය සහ ඉදිරි ප්රතිසංවිධාන කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීමය.
-Divaina.
ඇමැති කාර්ය මණ්ඩලවලට පවුලේ අය තහනම්.
Share This
Tags
# Hot Political
Share This
About Lanka News Click 24x7
Hot Political
Labels:
Hot Political
Subscribe to:
Post Comments (Atom)
Author Details
Templatesyard is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of templatesyard is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
No comments:
Post a Comment