'ගෝටා ජනපති වුනොත් උසාවි ගොස් ඔහුගේ ජනාධිපතිකම අහෝසි කර දමනවා.'- මනූෂ නානායක්කාර - Lanka News Click 24x7

'ගෝටා ජනපති වුනොත් උසාවි ගොස් ඔහුගේ ජනාධිපතිකම අහෝසි කර දමනවා.'- මනූෂ නානායක්කාර

Share This
ගෝඨාභය රාජපක්ෂ මහතා වැරදීමකින් හෝ මීළඟ ජනාධිපතිවරයා බවට පත්වුහොත් ඔහුගේ ජනාධිපති ධුරය අහෝසි කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සඳහන් කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට ද මේ ආකාරයේම ඉරණමක් අත් වූ බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා තම ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බවට තහවුරු කර නැති බවත් ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙක් යයි කිසිම ස්ථානයක පැහැදිලිව නැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඊට අදාළ වන ලිපි ලේඛන කිසිවක් ඉදිරිපත් කර නැතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
-lankacnews

No comments:

Post a Comment

Pages