‘‘මට සහනයක් නොලැබුනේ නෝනා පොලිස් නිළධාරියකු සමග ගිය නිසා‘‘ සැමියා සහ දරු තිදෙනා තනිකර දමා අනියම් ඇසුරට ගිය බිරිඳ..! (PHOTOS) - Lanka News Click 24x7

‘‘මට සහනයක් නොලැබුනේ නෝනා පොලිස් නිළධාරියකු සමග ගිය නිසා‘‘ සැමියා සහ දරු තිදෙනා තනිකර දමා අනියම් ඇසුරට ගිය බිරිඳ..! (PHOTOS)

Share This
දරුවන් තිදෙනෙකු සමග සැමියා හැර දමා ගොස් පොලිස් නිළදාරියෙකු සමඟ ජීවත් වන කාන්තාවක් පිළිබඳ පැමිණිල්ලක් ලැබී ඇති බව ගලෙන්බිඳුනුවැව පොලිසිය සඳහන් කරනවා. අදාළ කාන්තාවට පවතින නඩත්තු නඩුවක් වෙනුවෙන් පෙනි නොසිට වරෙන්තුවක්ද  ලබා සිටින බව වාර්තා වන අතර එම පොලිස් නිළධාරියා විසින් තම බිරිද සගවාගෙන සිටින බවටයි පොලිස් නිළධාරියකුට එරෙහිව මෙම පැමිණිල්ල යොමු කර තිබෙන්නේ.
මිට වසර දෙකකට පමණ පෙර දරුවන් තුන්දෙනා සමග සැමියා හැර ගොස් පොලිස් නිළධාරියකු සමග එකට වෙසෙන බවට හා අවස්ථා කිහිපයකම මෙම පොලිස් නිළධාරියා සමග බිරිද එකට හසුකරගෙන පිටකොටුව පොලිසියට භාර දී ඇති බවත්,  ඒ සම්බන්දව පිටකොටුව පොලිස් ස්ථානයේ පොත්වල ලියා ඇති බවත් අදාල පැමිණිල්ලේ සඳහන්.
එසේම  දැනටත් සිය බිරිද එම පොලිස් නිළධාරියා සමග එකට වෙසෙන බවත් අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සම්බන්දයෙන්  වරෙන්තු ලබා සිටින කාන්තාවක් බවත් ඇය අධිකරණයට ඉදිරිපත් නොකරන තරමට එම පොලිස් නිළධාරියා බලපෑම් කරන බවත් එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වනවා.
ගලෙන්බිදුණුවැව නිකවැව ප්‍රදේශයේ පුද්ගලයකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර පැමිණිල්ල යොමුකළ පුද්ගලයා මෙලෙසද අදහස් දැක්වුවා.
“මහත්තයෝ මගේ නෝනා මගේ දරුවන් තුන්දෙනා හා මා රත්මලාන පදිංචිව සිටින විට පොලිස් නිළදාරියකු සමග යම් සම්බන්ධතාවයක් ඇති කරගෙන පස්සේ ඔහු සමග පැනලා ගියා.  දැනට වසර දෙකක් පමණ වෙනවා.මම මේ සම්බදව 2017-05-27 දින WCIB 102/332  2017-06-01 WCIB 165/01 යටතේ පැමිණිලි දැම්මා පස්සේ එත් මට සහනයක් නොලැබුනේ නෝනා පොලිස් නිළධාරියකු සමග ගිය නිසා.
පස්සේ 2017-06-23 නැවත  WCIB 52/263 පැමිණිලි ඉදිරිපත් කලා එහිදීත් කිසිම සාධාරණයක් උනෝ නැහැ.මම පස්සේ නඩු මගට ගියේ මගේ දරුවන් ගේ අනාගතය වෙනුවෙන් එ්ත් අදාල පොලිස් නිළධාරියා එක එක ක්‍රම මගින් මගේ බිරිද අධිකරණයට නොයවා සගවාගෙන සිටිනවා.මම පොලිස්පති තුමාගෙන් ඉල්ලා සිටින්නේ වෙන දෙයක් නොවේ. මේ පොලිස් නිළධාරියා විසින් අධිකරණයෙන් වරෙන්තුවී සගවාගෙන සිටින  බිරිද අධිකරණයට ඉදිරිපත් කිරිමට අවශ්‍ය කටයුතු සලස්වා දෙන ලෙසයි”.

 

No comments:

Post a Comment

Pages