උණ නිසා උපාසිකාවක් සාලුවක් පූජා කරා - සරත් මහත්තයා ලෙඩ බලන්න ආවා - Lanka News Click 24x7

උණ නිසා උපාසිකාවක් සාලුවක් පූජා කරා - සරත් මහත්තයා ලෙඩ බලන්න ආවා

Share This
when-my-fever-got-very-high-a-devotee-offered-me-a-shawl

බලංගොඩ කස්සප හිමි ඊයේ (25) විහාරමහදේවී උද්‍යානයේ පැවති සත්‍යග්‍රහය අවසන් කිරීමෙන් පසු මාධ්‍ය අමතා කළ ප්‍රකාශයක් මේ සමග පළවේ.

ප්‍රශ්නය: දැන් ඔබ වහන්සේ ගැන මේ දවස්වල සමාජ මාධ්‍යවල යනවා මේ ඔබ වහන්සේලා හෝටලයේ වැඩම කරලා ඉන්නවායි කියලා.




පිළිතුර: ඔව්. මෙහෙමයි. ඒ කියන්නේ අපි මේ නුවර ඉඳන් කොළඹට ආපු පා ගමනේදී බොහෝ භික්ෂූන් වහන්සේලා කොළඹට ආවට පස්සේ අසනීප වුණා. එතකොට ඒ අසනීප වෙච්ච අවස්ථාවල අපි රෝහල්වලත් ගත කරා. ඒ වගේම විවිධ ස්ථානවලත් ප්‍රතිකාර කරා. ඉතින් පෙරේදා දිනයේදී මට හොඳටම රෝගය උත්සන්න වුණාට පස්සේ මට උපාසිකාවක් සාලුවක් පූජා කරා. ඉතින් ඒ සාලුවෙන් හිස ආවරණය කරගෙන තමයි මෙතනත් හිටියේ. මෙතන හිටපු මිනිස්සු ඒක දැක්කා.

ඊට පස්සේ මට ගොඩක් දවස් ඉඳන් සමහර දායකයෝ විවිධ ස්ථාන පූජා කරලා එතන වැඩ ඉන්න කියලා ආරාධනා කරනවා. මොකද එක තැනක්වත් මං භාරගන්නේ නෑ. නමුත් අසනීප තත්ත්වය ඉතාම ප්‍රබල වෙච්ච නිසා පමණක් මම තීරණය කරනවා, හොඳයි ඒ ස්ථානයට වැඩම කරනවා කියලා. ඉතින් තමයි ඔය කිංග්ස්බරි හෝටලයට අපි වැඩම කරන්නේ.




දැන් ඒ එක්කම යනවා මේ සමාජ මාධ්‍යවල යනවා මේ දේශපාලඥයෙකුත් ඔබ වහන්සේට උදව් කරයි කියලා.

ඔව් ඒ කියන්නේ ඒ හෝටලයට වැඩම කරාට පස්සේ එතනට වෙනම වෛද්‍ය කණ්ඩායමක් එනවා මට ප්‍රතිකාර කරන්න. ඒ වෛද්‍ය කණ්ඩායමට මුදල් සපයන්නේ වෙනම දායක කණ්ඩායමක්. සාමූහික ප්‍රයත්නයක්. ඉතින් මනුස්සයෙකුට දෙයක් පූජා කරන්න බැරිද? ඒ කියන්නේ වතුර බෝතලයක් පූජා කරන්න හැකියාව තියෙන මනුස්සයෝ වතුර බෝතලයක් පූජා කරනවා. ඒ වගේම යාන වාහන, ගෙවල් දොරවල්, වතුපිටි ඒවා පූජා කරන්න පුළුවන් පින්වතුන් ඉන්නවා. ශාසනයේ පන්සල් හැදිලා තියෙන්නෙම ඉඩකඩම් පූජා කරලනේ මිනිස්සු. ඉතින් ඒ නිසා තමන්ගේ හැකියාව අනුව ඒ මිනිස්සු පින් කරනවා.


ඒ වගේම මම අසනීප වෙලා හිටියට පස්සේ අපේ සරත් වීරසේකර මහත්තයා මාව බලන්න ආවා. ඉතින් ඒක තහනම්ද? එහෙම බලන්න එන එක. ඉතින් ඇවිල්ලා එතුමා මගේ සුවදුක් විමසලා යන්න ගියා.

ප්‍රශ්නය: ඒ කියන්නේ ඔබ වහන්සේගේ දායකයෝ තමයි මේ ගිලානෝපස්ථාන කළේ.

පිළිතුර: ඔව්. ඉතින් ඒ කියන්නේ මම බෑ කියද්දී බලහත්කාරයෙන් තමයි යං යං හාමුදුරුවනේ කියලා එක්කරගෙන ගියේ. ඉතින් මෙතන හුළං වැදිලා ඔබ වහන්සේ තවත් අසනීපයි කියලා. ඇත්තටම මම එහෙම නොගියා නම් අද මට මෙහෙම ඉන්න හම්බෙන්නේ නෑ.

අනිත් අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි කිංග්ස්බරි හෝටලයේ අයිතිකාරයා මේ සීසීටීවී සමාජ මාධ්‍යයට නිකුත් වෙනකම් මොකද කළේ කියන එක. මොකද පුද්ගලිකත්වය කියන එක සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙනවා. අපි එතන හිස පොරවාගෙන ගියේ එකසිය දෙකට උණ. ඔබට හැදුනොත් ඔබ කොහොමද ක්‍රියා කරන්නේ? ඔබ නිකන් වෛද්‍ය සායනයකට ගිහිල්ලා බලන්න උණ හැදිච්ච මිනිස්සු ඉන්නේ කොහොමද? සම්පූර්ණයෙන්ම මූණ සහ හිස ආවරණය කරගෙන නෙමෙයිද ඉන්නේ කියන කාරණය. මං දන්නේ නෑ මේ තරම්ම අසංවේදී ද මේ ජනතා විමුක්ති පෙරමුණේ මේ ඩෝබි බලකාය.

ඊළඟට එතනින් ඊට පස්සේ එතන ඔබ වහන්සේට චෝදනා කරනවා කියලා ඊට පස්සේ අපේ කට්ටිය අර හිල්ටන් රෙසිඩන්ස් එකේ තැනක් බුක් කරා. ඊට පස්සේ එතනත් හිල්ටන් රෙසිඩන්ස් එකේ බුක් කරපු රූම් එක, බුක් කරපු කෙනාගේ නම, මම දීපු වාහනය, ඔක්කොම ෆොටෝ ගහලා මාධ්‍යයට මුදාහරින්න තරම් ඒක දුර්වලයි.


ඉතින් ගණේමුල්ලේ සංජීව වගේ පුද්ගලයෙක් බන්ධනාගාරයේ ඉඳන් උසාවියට ගෙනැල්ලා, උසාවිය ඇතුලෙදි ඝාතනය කරන රටක මේ විදියට සංවේදී දත්ත එළියට යනවා නම්, අපේ ජීවිතත් අනාරක්ෂිතයි.

ඉතින් ඒ නිසා, බුද්ධ කාලයේත්, බුදුරජාණන් වහන්සේටත් මේ මේ විදිහටම චෝදනා කරපු අය හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා එක අවස්ථාවක කියනවා එක බමුණෙක් ස්වාමීනී ඔබ වහන්සේ චුට්ටයි වළඳන්නේ. ඔබ වහන්සේ ඉන්නේ ගස්, ගල් යට. ඔබ වහන්සේ රළු සැප ඇසුරු කරනවා. ඔබ වහන්සේ පොරවන්නේ දුර්වල සිවුර. ඒ නිසා මම ඔබ වහන්සේට පැහැදෙන්නේ නෑ කියලා. බුදුහාමුදුරුවෝ කියනවා මට එහෙම පහදින්න එපා. මම මොහොතකටත් වඩා පහත් වෙලා වළඳන අවස්ථා තියෙනවා උත්සව සභාවේ. ඒ වගේම මම බොහෝ සැප තියෙන, රාජ මාලිගාවල වැඩ වාසය කරන අවස්ථා තියෙනවා. හොඳ කසීසළු පොරවන අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබ මට පහදින්න ඕනේ ධර්මයට කියලා.

ඒ නිසා අපි කියනවා ඔබ පහදින්න ඕනේ ධර්මයට මිසක් මේ බාහිර සාධකවලට නෙවෙයි. ඒ නිසා අපේ අරමුණයි වැදගත් වෙන්නේ ඥානසාර හාමුදුරුවෝ නිදහස් කර ගැනීමේ අරමුණ. ඒ අරමුණ දැන් ගෞරවනීය මහා නායක මාහිමිපාණන් වහන්සේලා භාරගෙන තියෙනවා. ඒ අපේ බර උන්වහන්සේලා දරාගෙන තියෙනවා. දැන් අපිට තියෙන්නේ මේ පාලන තන්ත්‍රය සිංහලකමට, බෞද්ධකමට විරෝධී පාලන තන්ත්‍රය පලවා හරින සටන ගම් මට්ටමින් පටන් ගන්න. ඒකට අපි හැමෝටම ආරාධනා කරනවා.

gossiplanka image

No comments:

Post a Comment

Pages