
අයිස් හෙවත් ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ ඔක්තෝබර් 05 වැනි සඳුදා රාත්‍රියේ මිරිහාන ප්‍රදේශයේ අවන්හලක් අසල දී හිටපු මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් යැයි සැකකෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් ද සිය භාරයට ගත් බව පොලීසිය වාර්තා කරයි.
මෙම සැකකරු කලක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බවට මූලික විමර්ශන මගින් කරුණු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යැයි සැකකෙරෙන අනෙක් පුද්ගලයා ද අයිස් යැයි සැකකෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් අදාළ කාර්යංශය විසින් මේ වන විට වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.
මහින්ද කහඳගම වඩාත් ප්‍රකට වූයේ 2022 අරගල සමයේ මැයි 09 ප්‍රතිප්‍රහාර අවස්ථාවේය.ඔහු බිම වැටී ආධාර ඉල්ලමින් අඩු ඇඳුමකින් මොර දුන් දර්ශන තවම සමාජ මාධ්‍ය තුළ සමච්චල් සහගතව ප්‍රචාරය වෙමින් තිබේ.
No comments:
Post a Comment