අවාසනාවන්ත අනතුරකින් දඹුලු ජාතික පාසලේ විදුහල්පති මියගියේය - Lanka News Click 24x7

අවාසනාවන්ත අනතුරකින් දඹුලු ජාතික පාසලේ විදුහල්පති මියගියේය

Share This
dambulla-national-school-principal-dies-in-unfortunate-accident

දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිදුවූ දරුණු රථවාහන අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා ජීවිතක්ෂයට පත්වී බස් රථයේ ගමන් ගත් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා ලෙස සේවය කළ 38 හැවිරිදි දෙදරු පියෙකු වන ජානක විජේසිංහ මහතාය.

අනතුරට හේතුවී ඇත්තේ අතිසුඛෝපභෝගී බස් රථයක් සහ මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමයි.




ත්‍රිකුණාමලයේ සිට කොළඹ දෙසට අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ අතිසුඛෝපභෝගී බස් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව එය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ මංතීරුවට ධාවනය වී ඇත. ඒ මොහොතේ දඹුල්ල දෙස සිට හබරණ දෙසට ධාවනය වෙමින් තිබූ විදුහල්පතිවරයාගේ මෝටර් රථයේ බස් රථය මුහුණට මුහුණ ගැටී විදුහල්පතිවරයා සිටි රථය මාර්ගයෙන් ඉවතට විසිවී තිබේ. ඉන් නොනැවතුණු බස් රථය තවත් ඉදිරියට ඇදී ගොස් සංචාරක හෝටලයක් ඉදිරිපිට නවතා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් ද යට කරගෙන අසල තිබූ අවන්හලකට කඩා වැදී ඇත.

අනතුරින් පසුව විනාඩි 45කට අධික කාලයක් විදුහල්පති ජානක විජේසිංහ මහතා දැඩි ලෙස අලාභහානි වූ සිය මෝටර් රථය තුළ සිරවී සිටි අතර, ප්‍රදේශවාසීන් විශාල උත්සාහයක් දරා ඔහුව එළියට ගැනීමට කටයුතු කළහ. අනතුරුව බරපතල තත්ත්වයේ සිටි විදුහල්පතිවරයා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළද, ඒ වන විටත් ඒ මහතා මියගොස් සිටි බව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් විජේසිංහ මහතා තහවුරු කළේය. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.




වසර ගණනාවක් තිස්සේ දඹුල්ල ජාතික පාසලේ ඉතා ක්‍රියාශීලී ලෙස කටයුතු කළ ජානක විජේසිංහ මහතා ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන සහ අනෙකුත් පාසල් සමග සමීප සබඳතාවක් පවත්වමින් සංවිධානය කළ විවිධ වැඩසටහන් නිසා ප්‍රදේශවාසීන්ගේ දැඩි ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ අයෙකි. විදුහල්පතිවරයාගේ මෝටර් රථයට මෙම අනතුරින් දැඩි හානි සිදුව ඇති අතර, දඹුල්ල පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

dambulla-national-school-principal-dies-in-unfortunate-accident

dambulla-national-school-principal-dies-in-unfortunate-accident



dambulla-national-school-principal-dies-in-unfortunate-accident

dambulla-national-school-principal-dies-in-unfortunate-accident



dambulla-national-school-principal-dies-in-unfortunate-accident

No comments:

Post a Comment

Pages