දෙහිවල, කව්ඩාන ප්‍රදේශයේ සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට අද අලුයම් කාලයේ එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් පිරිමි දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන්ගේ පියා බරපතල තුවාල ලබා තිබේ.
ප්‍රහාරයෙන් දරුණු ලෙස තුවාල ලැබූ මෙම දරුවන් දෙදෙනා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර, මෘත ශරීර දැනට එම රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පියාද වැඩිදුර ප්‍රතිකාර සඳහා එම රෝහලටම ඇතුළත් කර ඇත.
සංවිධානාත්මක අපරාධ කල්ලි අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවට පොලිසිය මූලික පරීක්ෂණවලදී සැක පළ කරයි. විශේෂයෙන්ම, 'කූඩු අංජු' නමැති සංවිධානාත්මක අපරාධකරුගේ පාර්ශ්වය විසින් මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට විශ්වාස කෙරේ. මින් ඉහත දෙහිවල කළුබෝවිල විමලසිරි මාවතේ නිවසකටද අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවූ අතර එම සිදුවීමෙන් පය 24 ක් යන්නට මත්තෙන් මෙම ප්‍රහාරය සිදුව ඇත.
සිද්ධියට අදාළ සැකකරුවන් හෝ ප්‍රහාරයට හේතුවූ නිශ්චිත කරුණු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අපරාධයට වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලීසියට අමතරව විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් යොදවා විමර්ශන පුළුල් කර තිබේ.
No comments:
Post a Comment